Colombo Today Local News

විග්නේෂ්වරන් වෙනුවට ශ්‍රීපවන් !

දෙමළ ජාතික සන්ධානය හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අතර පවත්නා අභ්‍යන්තර දේශපාලන අර්බුදය උග්‍රවීමෙන් පසු ඉදිරි උතුරු පළාත් සභා මැතිවරණයේ මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි හිටපු අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතාට දෙමළ ජාතික සන්ධානය ආරාධනා කර ඇත.

පසුගියදා හිටපු අගවිනිසුරු ශ්‍රී පවන් මුණගැසුණු දෙමළ ජාතික සන්ධාන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී පිරිසක් ඔහුට මෙම ආරාධනය සිදුකර තිබේ. එහෙත් ශ්‍රී පවන් මහතා මෙතෙක් සිය අවසන් තීරණය ප්‍රකාශ කර නොමැත.

දැනට උතුරේ මහ ඇමැති පදවිය දරන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරන් මහතා ඉදිරි පළාත් සභා ඡන්දයේදී වෙනම සන්ධානයකින් මැතිවරණයට තරග කිරීමට සැලසුම් කරමින් සිටින බැවින් ඔහුට තරගයක් ලබාදීමට උතුරේ ඉමහත් පිළිගැනීමක් ඇති හිටපු අගවිනිසුරුවරයා ඉදිරිපත් කිරීම දෙමළ සන්ධානයේ සැලසුමයි.

හිටපු අගවිනිසුරු ශ්‍රී පවන් මහතා විශ්‍රාම ලැබීමෙන් පසු බැංකු සහ තවත් පෞද්ගලික ආයතන කිහිපයක උසස් පදවි ගණනාවක් දරමින් සිටියි.

Related posts

අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා වෙඩි තබා ඝාතනය කෙරේ.

colombotoday

රණ විරුවෝ යෙයුස් වහන්සේ අත තිබ්බා වගේ, රාජපක්ෂ අත තිබ්බ ගමන් නැගිට්ටා

colombotoday

විදේශයන්හි සිරවූ ලාංකිකයන් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ජනපතිට මඩ ගහන්න කෝපි කඩේ ටෙලි කථාංගයක් හදයි… සේවක විරෝධයෙන් විකාශය නවතී.

colombotoday

පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනපති සටනට

colombotoday

රිෂාඩ්ගේ සොහොයුරා නිදහස් කිරීම සැක සහිතයි

colombotoday