Colombo Today Local News

බුදු දහමට අහිතකර වගන්ති රැසක් අළුත් ව්‍යවස්ථාවේ.. ඒකීයභාවය නමට පමණයි !

කොළඹ ජාතික පුස්ථකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලයේදී පැවැති මාධ්‍ය හමුවේදී පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභය තිස්ස නාහිමියන් විසින් මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලහ.

අපේ රට නව ව්‍යවස්ථාව හරහා ෆෙඩරල් රාජ්‍යයක් බවට පත්කරන්න ප්‍රාන්ත ආණ්ඩු ගණනාවකින් යුතු රටක් බවට පත්කරන්න මූලික වැඩපිළිවෙලක් කරගෙන යන බව මේ යුනිටරි කියන වචනයත් එක්ක හැප්පෙන හැප්පිල්ලත් එක්ක අපිට පැහැදිලිවම පේනවා. පසුගිය කාලයේ දිගින් දිගටම මේ ව්‍යවස්තා සම්පාදක මණ්ඩලය දැඩි ලෙස සාකච්ඡාවට බදුන් කළ දෙයක් තමයි මේ යුනිටරි කියන වචනය. මේ බෙදුම්වාදී කණ්ඩායම් ඉල්ලා සිටිනවා මෙහි යුනිටරි කියන එක තියන්නේ නැතුව මෙහි සිංහල වචනය ඒකීය ලෙසටත් දමිල වචනය උරිමත්තුනාඩු විදිහටත් පමණක් තියන ගමන් යුනිටරි කියන ඉංග්‍රීසි වචනය භාවිතයට නොගන්නා ලෙසට.

එයට හේතුවක් තිබෙනවා. මේ යුනිටරි කියන වචනයට තියෙනවා ජ්‍යත්‍යන්තර අර්ථයක්. එතකොට මේ තියන ජ්‍යාත්‍යන්තර අර්ථය ප්‍රතික්ෂේප කරලා එය බැහැර කරලා සිංහලට හෝ දෙමළට පමණක් අයිති වචන එක්ක මේ ගමන යාම හරහා ඔවුන් රටේ ඒකීය භාවය නැති කිරීම සදහා අවශ්‍ය මූලික පදනමයි මේ සකසමින් ඉන්නේ.

ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් නිතරම නායක ස්වාමීන් වහන්සේලාට සහ රටේ ජනතාවට නිරන්තරයෙන් කියන වචනයක් තමයි ඒකීය කියන එකනම් අපි වෙනස් කරන්නේ නෑ කියලා. නමුත් ඒකීය භාවය සැබෑ ලෙස නැතුව ඒකීය කියන වචන ටික පමනක් ඉතිරි කරගැනීමේ වැඩපිලිවෙලක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා යුනිටරි කියන වචනය පැහැදිලිවම අපේ ව්‍යවස්තාව තුල නොවෙනස්ව තිබිය යුතුයි කියන මතයේ අපි ඉන්නවා.

ඒ වගේම වත්මන් ව්‍යවස්තාවේ දිස්ත්‍රික්ක 25 කින් තමයි අපේ රට සමන්විත වන්නේ. නමුත් මේ සකස්කරගෙන යනු ලබන ව්‍යවස්ථාවේ දිස්ත්‍රික්ක හැටියට නෙවෙයි පළාත් වශයෙනුයි රට බෙදෙන්නේ. මෙහි පළාත් කීයක් ද කියන එකවත් සදහන් කරන්නේ නැහැ. මන්ද යම් පළාත් එකතු කරීම් වැනි දේවල් උදාහරණයක් ලෙස ගත්තොත් උතුරු නැගෙනහිර එක් කිරීම වැනි දෙයක් මේ ව්‍යවස්ථාව හරහාම කරන්න මේ සාදන ව්‍යවස්ථාව හරහා ප්‍රතිපාදන තියෙනවා. ඒ නිසා මොවුන් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම් වගේ කාරණා වෙන් වෙන්ව කතා කරන්නෙත් නැහැ. මොකද එහෙම කතා කරන්න අවශ්‍යතාවයක් නෑ ඒ සදහා සියළු ප්‍රතිපාදන මේ ව්‍යවස්ථාව තුලම තියෙන නිසා.

පාලකයෝ මේ නව ව්‍යවස්ථාව ගැන රටට කියයි අපි බුදු දහම රැකගත්තා. අපි ඒකීය බාවය රැක ගත්තා යනාදි වශයෙන්. එහෙම වහසිබස් දොඩන්නත් හොද අවස්ථාවක් තබාගෙනම තමයි මේ බෙදුම්වාදී ව්‍යවස්ථාව ඉදිරියට අරගෙන යන්නේ.

මේ යෝජිත ව්‍යවස්ථාව තුල යෝජනා කෙරෙනවා ජාතික ගීය ශ්‍රී ලංකා මාතා සහ ශ්‍රී ලංකා තායේ යන දෙවිදිහටම තිබිය යුතුයි කියලා. අපි කියන්නේ ඒක දැන් පවතින විදිහටම තිබිය යුතුයි කියන එකයි. ඒ සම්බන්ධයෙන් අළුත් තීරණ අවශ්‍ය නෑ කියන එකයි අපේ ස්ථාවරය.

ඒ වගේම මේ නව යෝජනාවලියේ තියෙනවා ශ්‍රී ලංකාව බුදු දහමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය කියලා කතාවක්. ශ්‍රී ලංකාව කොහොම බුදු දහමට මූලිකත්වය පිරිනමලා තියෙන රටක් තමයි. ඒක අමුතුවෙන් පිරිනමන්න දෙයක් නෑ. මේක ශ්‍රී ලංකා ජනරජය බුදු දහමට ප්‍රමුඛස්ථානය පිරිනමන්න විය යුතුයි. නමුත් හිතාමතාම ක්‍රමාණුකූලව මේ ශ්‍රී ලංකා ජනරජය කියන එක හලල දමලා තියෙනවා.

මෙවැනි රටේ ඒකීය භාවයට බුදු දහමට අහිතකර යෝජනා රාශියක් මේ වාර්තාව තුල තිබෙනවා.

මේ වත්මන් රජය තමන්ට අවශ්‍ය බොහෝ දේ සිදුකරගත්තේ සම්ප්‍රදායට හා සදාචාරයට එරෙහිව ගිහිල්ලයි. අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත ඔවුන් සම්මත කලේ කහොමද. ඒක කලේ තක්කඩිකමින් කියන වචනය හැර වෙනත් වචනයක් නැහැ කියන්න. පළාත් පාලන ආයතන පළාත් සභා සම්බන්දයෙනුත් ඔවුන් පනත් කෙටුම්පත් සම්මත කර ගත්තේ ඒ විදිහට. ඒ නිසා මේ ව්‍යවස්තාව සම්මත කරගැනීමත් සදාචාර සම්පන්න නොවන තමන්ට අවශ්‍ය ක්‍රමයට ඉදිරියේදී රජය විසින් සිදුකරන්න කටයුතු කරන්න පුළුවන්.

– අරවින්ද අතුකෝරල

Related posts

බැදුම්කර වාර්තාව ඉල්ලා රවී ජනපති කාර්යාලයට..

colombotoday

වැඩිහිටියන් රැකබලා ගන්න ශ්‍රමිකයින් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක්

Admin

ගිනි අවි තොගයක් නිවසේ තබාගෙන සිටි එජාප මන්ත්‍රී අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් වැඩ භාරගනී

colombotoday

විමල් නිවාස හා සමාජ සුබසාධන ඇමතිකමේ දිවුරුම් දෙයි….

colombotoday

තොන්ඩමන් වෙනුවට ඔහුගේ පුත් ජිවන් තොන්ඩමන් පත් කරන්නැයි යෝජනාවක්

colombotoday