Colombo Today Local Newsextremism & terrorism activities

රොහින්ග්‍යා මුස්ලිම් සංක්‍රමණිකයන්ට මෙරට දේශපාලන රැකවරණ ලබා දීමට රජය තීරණය කරයි !

මියන්මාරයෙන් සංක්‍රමණය වූ රොහින්ග්‍යා ඉස්ලාමීය පිරිසකට මෙරටදී දේශපාලන රැකවරණ ලබා දීමට රජය ඊයේ (13) තීරණය කර තිබෙන බවට වාර්තා වනවා.

පසුගිය අප්‍රේල් මස මෙරටට සංක්‍රමණය වූ රොහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් 32 දෙනෙකුට සහ ඊට පෙර නීති විරෝධී ලෙස මෙරටට පැමිණ රැදවුම්භාරයේ සිටි තවත් රොහින්ග්‍යා ජාතිකයන් පිරිසකට අදාලවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

මෙරට මුස්ලිම් දේශපාලකයන් සහ මුස්ලිම් සංවිධානවල දැඩි බලපෑම් මත රජය මෙම තීරණය ගෙන තිබේ. මේ වන විටත් මියන්මාරයෙන් පලා යමින් සිටින රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් පිරිසකට මෙරට රැකවරණය ලබා දෙන ලෙස මුස්ලිම් සංවිධානවලින් ඉල්ලීම් ඉදිරිපත්ව ඇතත් ඒ පිළිබදව රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද ආරංචි මාර්ග සදහන් කරයි.

මියන්මාරයෙන් පලා යමින් සිටින මුස්ලිම් ජාතිකයන් බාර ගැනීමට කිසිදු මුස්ලිම් රටක් ඉදිරිපත්ව නැති අතර, බංග්ලාදේශ අගමැතිනිය පෙරේදා බීබීසී පුවත් සේවය සමග ප්‍රකාශ කර ඇත්තේ බංග්ලාදේශය වෙත පැමිණෙන රොහින්ග්‍යා ජාතිකයන් නැවත භාර ගැනීමට මියන්මාර රජය කටයුතු කළයුතු බවයි.

ඉන්දියා තුළ අනවසරයෙන් රැදී සිටින රොහින්ග්‍යා සංක්‍රමණිකයන් දාහතරදහසක් පිටුවහල් කිරීමට ඉන්දීය රජයද පසුගිය සතියේ තීරණය කළේය. ඉන්දියාවේ තාවකාලිකව රැදී සිටීම ලබා දුන් අවසර කාල සිමාව අවසන්ව සිටින රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ගෙන් වැඩි පිරිසක් ශ්‍රී ලංකාව තම ගමනාන්තය ලෙස තෝරාගැනීමට කැමැත්තෙන් සිටින බව ඉන්දීය මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබිණි.

Related posts

IOC ඉන්ධන මිලත් අද රාත්‍රීයේ සිට පහළට

Admin

යුරෝපා සංගම් තානාපතිවරු පිරිසක් ජනපති හමුවෙයි

colombotoday

ඉතිහාසයේ වැඩිම ළමා අපචාර හා හිංසා නඩු ප්‍රමාණයට නීතිපති උපදෙස් දී අවසන් – නඩු ගණන 12,968

colombotoday

මහනුවර දිස්ත්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය !!

colombotoday

ලොව වේගවත්ම මිනිසාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

කැළෑ ගිනි තැබීම් වලට පුද්ගලයින් 15ක් අත්අඩංගුවේ

Admin