Colombo Today Local News

ජනපති තවත් පොරොන්දුවක් ඊයේ කඩ කරලා !

සයිටම් ගැටලුවට ඊයේ (28දා) දිනය තුළ රජය ලබාදෙන දෙන විසඳුම ප්‍රකාශයට පත්කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළත්, එම පොරොන්දුව මේ වනවිට කඩවී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට රජයේ අවසන් විසඳුම ප්‍රකාශයට පත්කිරීමට නොහැකි වී තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ උසස් අධ්‍යාපන අමාත්‍ය හා හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය නිසා බවට වාර්තා වන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කරයි.

කෙසේනමුත් රජයේ අවසන් විසඳුම ප්‍රකාශයට පත්කිරීමට හෙට (30) දිනයත් රජයට ලබාදීමට සංගමය තීරණය කළ බවත්, එසේ නොමැති වුවහොත් 31 වන බ්‍රහස්පතින්දා මෙයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට විධායක කමිටුව කැඳවීමට සංගමය තීරණය කළ බවද එම නිවේදනය මගින් පෙන්වා දෙයි.

(ඊට අදාළ නිවේදනය පහතින් දැක්වෙයි)

Related posts

මෛත‍්‍රී – මහින්ද කුමන්ත‍්‍රණය අපි උපන් ගෙයිම පරාජය කළා – අනුර කුමාර දිසානායක

colombotoday

සති අන්තයේ කොළඹට ජල කප්පාදුවක්

colombotoday

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් රතු එළියක්

colombotoday

වෙසක්, පොසන් උත්සව මොකුත් එපා – ඤාණසාර හිමියන් අද කළ අනතුරු ඇගවීම [Video]

colombotoday

හෝමාගම කර්මාන්තශාලාවේ ගින්නෙන් වායු ගෝලයට සහ අවට පරිසරයට හානි

Admin

තේ දළු මිළ තවත් පහළට, තේ කර්මාන්තය අමාරුවේ

colombotoday