Colombo Today Local News

“ජනපති වැඩකරන්නේ අගමැති කියන විදිහටයි.. ආණ්ඩුවේ නොහැකියාව පේනවා.. මේක යහපාලනේ නෙවෙයි” – අස්ගිරි පාර්ශවය විරෝධය දක්වයි

බුද්ධ ශාසන හා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඇමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් ආණ්ඩුවේ ඇති අස්ථීර භාවයත් නොහැකියාව සහ දුර්වලතාවත් මනාව පෙන්නුම් කළ බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.

මහා සංඝරත්නයට කළ හැක්කේ යමක හොඳ නරක පෙන්වා දීම පමණක් බවද උන්වහන්සේ කීහ. ඉන් පසු ඒ පිළිබඳව මහා සංඝරත්නයට ලුහුබැඳ යෑමක් කළ නොහැකි යැයි උන් වහන්සේ පෙන්වා දුන්හ. විජයදාස රාජපක්ෂ මහතාට බුදු දහම පිළිබඳව තිබෙන දැනුම සහ එතුමාගේ ක්‍රියාකලාපය දෙස බලා මහා සංඝරත්නය එතුමා ඇගයීමක් කළ බවද උන්වහන්සේ කීය.

නමුත් පාර්ලිමේන්තුව තුළ පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ හඬ ප්‍රබල වී තිබෙන නිසා පක්ෂ නායකවරයාටත් එයට ඇහුම්කන් දීමට සිදුව ඇතැයි මැදගම ධම්මානන්ද හිමියෝ පැවැසූහ. එක්සත් ජාතික පක්ෂ නායකයාගේ ඉල්ලීමට ඇහුම්කන් දීමට ජනාධිපතිවරයාටත් සිදුවීමෙන් පෙනී යන්නේ රටේ දේශපාලන අස්ථාවරභාවය යැයි උන්වහන්සේ පෙන්වා දුන්හ.

විජයදාස රාජපක්ෂ මහතා බරපතළ වරදක් කර ඇති බවක් පෙනෙන්නට නැති බව සඳහන් කළ උන්වහන්සේ රටට සිදුවන විපතක් පෙන්වාදීම වරදක් නොවේ යැයි මැදගම හිමියෝ කීහ. එතුමා නීතිමය කටයුතු ප්‍රමාද කරනවා කියා එක එල්ලේ චෝදනා කළ නොහැකි බවත් මන්ත්‍රිවරුන් සතුටු කිරීමට නීතියට ඇඟිලි ගැසීම යහපාලනය නොවේ යැයි උන්වහන්සේ පැවැසූහ.

රජයක් ලෙස පවතින පක්ෂ දෙකේම අති විශාල අර්බුද පවතින බව මින් පෙනෙන බවත් රජයේ ඇති නොහැකියාවන් සහ දුර්වලතා පවතින බව මෙම සිදුවීමෙන් මනාව ඔප්පු වූ බවත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

Related posts

ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවතට

colombotoday

වළකට වැටී දරුවෙක් මිය යයි

Admin

අවන්හලකට ගිය කොස්තාපල්ට පිරිසක් පහරදීලා

Admin

හකීම්, බදුර්දීන්, සාලි ඇතුළු මුස්ලිම් මැති ඇමතීන් පිරිවරා ජනපති කටාර් සංචාරයේ !

colombotoday

මහපොළ අරමුදලින් හැදු මාලබේ ස්ලිට් එක අයතා ලෙස බැහැර කරලා. | අරමුදලේ රුපියල් බිලියනයකට වැඩි මගඩියක්.

colombotoday

SF ලොකූ අත්අඩංගුවට ගැනීමට පෙර සොයිසාගේ ඝාතනය ගැන වීඩියෝවකින් කී ආන්දෝලනාත්මක කතාව

colombotoday