Colombo Today Local News

පාසැල් දරුවන්ට මත්වෙන සීනිබෝල විකිණූ මොහොමඩ් රිමාන්ඩ් !

මත්වන ආකාරයේ සීනි බෝල හා ටොෆී අලෙවි කළ බව කියන නාත්තන්ඩිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු 20 දා පස්‌වරුවේ මාරවිල මහෙස්‌ත්‍රාත් මහේන්ද්‍ර රාජා මහතා අගෝස්‌තු 2 දා තෙක්‌ රක්‌ෂිත භාරයට පත් කරන ලදී.

මොහු නාත්තන්ඩිය වලහපිටිය පාරේ මොහොමඩ් නිෂාම් මරික්‌කාර් නමැත්තෙකි.

නාත්තන්ඩිය ප්‍රදේශයේ ප්‍රකට පාසලක 3-4 වසරවල සිසුන් රැසක්‌ 19 සීනි බෝල කා ක්‌ලාන්ත වූ අතර විදුහලේ ගුරුවරයකු විසින් මොහුට විරුද්ධව පොලිසියට පැමිණිලි කර තිබිණි.

මොහු සතුව තිබූ සීනිබෝල හා ටොෆී වර්ග කීපයක්‌ රස පරීක්‍ෂක වෙත ඉදිරිපත් කර ඇති බව පොලිසිය පැවසීය. මාරවිල පොලිසිය පැමිණිල්ල මෙහෙය වූ අතර නීතිඥ ලලන්ත සරච්චන්ද්‍ර මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.

නාත්තන්ඩිය – රෙක්‌ස්‌ හැරිසන්

Related posts

බැදුම්කර මගඩියේ සැකකරුවන් ලෙස තිදෙනෙක් නම් කරයි.. අර්ජුන් මහෙන්ද්‍රන්ට අධිකරණ නියෝගයක්

colombotoday

රනිල් ඇතුළු පිරිසට SJB දොර තවමත් විවෘතයි – සජිත්

colombotoday

පුංචි පුතා පාසල් ගිය පළමු දවසේම මරුවා අරන් යයි

colombotoday

කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති හදිසියේ මිය යයි

colombotoday

අන්තර්කාලීන අය-වැය මැතිසබයට ඉදිරිපත් කරන්න කැබිනට් අනුමැතිය

colombotoday

ව්‍යවස්ථාදායකයක් නැතිව කොවිඩ් අර්බුධයට මුහුණ දෙන එකම රට ශ්‍රී ලංකාව

colombotoday