Colombo Today Local News

“නව ව්‍යවස්ථාවට මාත් එකඟ නෑ.. ඒ සදහා ජනපතිට ජනවරමක් ලැබිලත් නෑ“ – රතන හිමි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට කිසිසේත් එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසයි. විධායක ජනපතිධුරය අහෝසි කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂා කළත් එසේ කළ පමණින් එය කළ නොහැකි බවත් රතන හිමියෝ පවසයි.

රාජගිරිය ජයසේකරාරාමයේ අද (6) පැවැති ශ්‍රී ලංකා ජාතික මහ සභාවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ මෙසේ කීහ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් ඒ සඳහා ජනමත විමසුකට යා යුතු බව කී රතන හිමියෝ ජනමත විමසුකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයකට නොයන බව ජනාධිපතිවරයා තම මැතිවරණ ප්‍රකාශනය ඔස්සේ පොරොන්දු වී ඇති බව ද සිහිපත් කළහ.

ව්‍යවස්ථා සංශෝධනයට තමන් වහන්සේලා කිසිසේත් විරුද්ධ නැති බවත් ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ මැතිවරණ ප්‍රකාශනයේදී පොරොන්දු වූ පරිදි බවත් රතන හිමියෝ කීහ.

Related posts

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී 04ක් යට වෙයි

colombotoday

වොෂින්ටන් ගිවිසුම හා ව්‍යවස්ථා මර උගුලේ දිග පළල

colombotoday

කීර්ති තෙන්නකෝන් ලිපිකරුට කෝටි ගණනක් වටිනා රාජගිරියේ නිවස ලැබුනේ කොහොමද?

colombotoday

“ඒකාබද්ධයේ ඩීල් කාරයෝ සාකච්ඡා කෑවා” – අමරවීර

colombotoday

කැලුම්සිරි තණමල්විල කොල්ලෙක් ගැන කතා කරයි

colombotoday

“ජාතිවාදී උද්ඝෝෂණ, විග්නේෂ්වරන් – ඒකාබද්ධ විපක්ෂය අතර ඩීල් එකක්“ – මරික්කාර්

colombotoday