Colombo Today Local News

“ව්‍යවස්ථාව හදන්නෙ ගේන්න මිසක් බල බලා ඉන්න නොවේ“ – රාජිත මහානාහිමිවරුන්ටත් උඩින් යයි

නව ව්‍යවස්ථාව සකස් කරමින් සිටින්නේ ගෙන එන්නට මිසක් බල බලා සිටින්නට නොවන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ රජයට ලක්ෂ 62ක ජනතාවක් ලබාදුන් ජන වරමක් පවත්නා බවත්, රජය ක්‍රියා කරන්නේ එකී ජන වරම අනුව බවත් අමාත්‍යවරයා කියා සිටියේ අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

අස්ගිරි මහා විහාරයේ රැස්වුණු මහනාහිමිවරුන් විසින් යෝජනා ස්ථීර කරගත් පරිදි අලුත් ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට උන්වහන්සේලා විසින් ප්‍රකාශයක් කරනු ලැබූ බවත්, එම ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්ද යන්න පිළිබඳව මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් අසන ලද පැනයකට ප්‍රතිචාර දක්වමින් රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේය.

ලක්ෂ 62ක ජනවරම තුළ භික්ෂුන් වහන්සේලාද, අන්‍ය ආගමික පූජකතුමන්ලාද නියෝජනය වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන සභාවේ කටයුතු ඉදිරියට ගෙන යන බවත්, ඒ පිළිබඳ අවසන් තීරණය පාර්ලිමේන්තුව විසින් ගනු ඇති බවත් අවධාරණය කළේය.

ජේ.ආර් ගේ ව්‍යවස්ථාව සම්මත කරගත් දිනයේ සිට එය අකුලා ගන්නා ලෙස බලකරමින් විරෝධතා පවත්වමින් එය පට්ට පතුරු ගැසූ අය දැන් දැන් එයම කර තියාගෙන යා යුතු බවට යෝජනා කරන්නේ මන්දැයි තමාට නොතේරෙන බව අමාත්‍යවරයා කියා සිටියේය.

ලෝකයේ පවත්නා සෑම ව්‍යවස්ථාවක්ම වෙනස්වන බවත්, ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමෙන් පසුව පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තුනෙන් දෙකක බලයකින් සම්මත කොට ජනමත විචාරණයක් පවත්වන බවත්, ව්‍යවස්ථානුකූලව, නීත්‍යනුකූලව එම කටයුත්ත ඉදිරියට යන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

72 පළමු ජනරජය ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේදීත්, 78 ව්‍යවස්ථාව ජේ.ආර් විසින් සම්මත කර ගැනීමේදීත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 18 වන සංශෝධනය සම්මත කර ගැනීමේදීත් මේ ආකාරයේ ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාදාමයක් සිදුනොවුණු බවත්, ඒ සෑම අවස්ථාවක්ම පාලකයාගේ බලය ශක්තිමක් කර ගැනීමක් පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එහෙත් ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරයා ස්ව කැමැත්තෙන් තම බලය ප්‍රජාතන්ත්‍රීය ලෙස ජනතාව සමග බෙදාගැනීමට පවත්නා ව්‍යවස්ථානුකූල හා නීතිමත තත්ත්වයන්ට ගරු කරමින් කටයුතු කරන අවස්ථාවක එයට විරුද්ධ වන්නේ මන්දැයි තමන්ට නොතේරෙන බව සේනාරත්න මහතා සඳහන් කළේය.

මෙතැන පවත්නේ තම තමන්ගේ දේශපාලන බල ලෝභිත්වය මිසක වෙන කිසිවක් නොවන බවත්, මේ රටේ ලක්ෂ ගණනකට ජීවිත අහිමි කළ යුද්ධයට පළමුව වගකිව යුත්තේ මෙවන් දේශපාලනඥයින් වන අතරම දෙවනුවට වග කිව යුත්තේ මාධ්‍යවේදීන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

– Adaderana

Related posts

සන්නස්ගල විකිනෙයි – දේශපාලකයෙක් හෙළිකරයි.

colombotoday

නැවත් යුද්ධයක් එපා.. ත්‍රස්තවාදයක් එපා.. මුලතිව්හී පොස්ටර් ඇලවෙයි….

colombotoday

“මේ ඉන්න අයත් එක්ක බෑ..“ වෙසක් පොහොයෙන් පසු රතන හිමි අලුත් ගමනකට සැරසෙයි

colombotoday

ගොඩනැගිල්ල විකුණා දැමේ.. ස්වර්ණවාහිනිය බැදුම්කරේ යටතට ?

colombotoday

නිවාස 12ට පැන කොල්ලකෑ මත් ලෝලියා පොලිස් දැලේ

colombotoday

පැල් රකින්න ගිය අම්මයි පුතයි ගිනි ගෙන මැරුණා නොවේ වෙඩි තබා පිහියෙනුත් ඇන මරලා

colombotoday