Colombo Today Local News

ඉන්ධන හා විදුලි ගාස්තු වහා ඉහළ දමන්නැයි මහ බැංකුව කියයි

මෙරට තුළ ඇති වී තිබෙන ආර්ථික තත්ත්වය මත ඉන්ධන මිල හා විදුලි ගාස්තු වහා ඉහළ දමන ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට නැවත වතාවක් නිර්දේශ කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

එමෙන්ම ණය කාඩ්පත් මත අය කළ පොලිය 20% දක්වා ඉහළ දැමීමට ද මහ බැංකුව කටයුතු කර ඇත.

ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය ද මහ බැංකුව විසින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
එම ණය පහසුකම් අනුපාතිකය පදනම් ඒකක 100 බැගින් ඉහළ නංවා ඇති බව මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් සඳහා අනුපාතිකය 6.5% දක්වා ද ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය 7.5% දක්වා ද ඉහළ යනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මාර්තු 3 වැනිදා රැස් වූ අතර එහි තීන්දු තීරණ සහ වත්මන් ආර්ථික අභියෝග ජයගැනීම සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත.

වත්මන් ආර්ථික අර්බුදවලින් ගොඩ ඒම ට ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සහාය වීම සඳහා ආණ්ඩුව ඒකාබද්ධ ක්‍රියාමාර්ග කඩිනමින් කළ යුතු බවත් ඒ අනුව රජයේ ආර්ථික හා මූල්‍ය උපදේශක ලෙස පහත කරුණු සලකා බලන්නැයි මහ බැංකුව ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.

Related posts

මිරිහානේ සිද්ධියේ විමර්ශන සී.අයි.ඩීයට

colombotoday

අනුරුද්ධ සම්පායෝ අධිකරණයට රැගෙන එයි

colombotoday

පස්සේ හංගන් රත්රන් පන්නන්න හැදූ ඉන්දියානුවන්ට වැඩ වරදී

colombotoday

නිවාස මංකොල්ලකෑ හයක් අත්අඩංගුවට

colombotoday

රජයේ හෙද නිලධාරීන්ගේ වැඩ වර්ජනය අවසන්

Admin

පළපුරුදු බුද්ධි නිලධාරීන් ආරක්ෂා කරනවා වෙනුවට රජය ඔවුන්ව සිරගත කරලා.. ජාතික ආරක්ෂාව රැකෙයිද?

colombotoday