Colombo Today Local News

පළපුරුදු බුද්ධි නිලධාරීන් ආරක්ෂා කරනවා වෙනුවට රජය ඔවුන්ව සිරගත කරලා.. ජාතික ආරක්ෂාව රැකෙයිද?

Mahinda-new

ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් විශාල සේවයක්‌ කරන බුද්ධි අංශයේ පළපුරුදු නිලධාරීන් ආරක්‍ෂා කරගන්නවා වෙනුවට මේ රජය ඔවුන් හිරේ දානවා, අස්‌කරනවා යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මහනුවර ගැටඹේදී ඉකුත් සිකුරාදා (01දා) පැවැසීය.

ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් උන්වහන්සේ බැහැදැක සුබ පැතීමට පැමිණි අවස්‌ථාවේ හිටපු ජනාධිපතිවරයා එසේ කීය.

සමහර පළපුරුදු බුද්ධි අංශයේ නිලධාරීන් මහපාරේ ඩියුටියට යොදා ඇතැයිද පළපුරුදු නිලධාරීන් ඉවත්කොට පළපුරුද්දක්‌ නැති නිලධාරීන් බුද්ධි අංශයට පත්කර තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

දැනට රටේ ඇතැම් ප්‍රදේශවල සිදුවන සිද්ධින් ගැන බලන විට බුද්ධි අංශයෙන් විශාල සේවයක්‌ ලබාගත යුතුව තිබේදැයිද මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු වශයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකයන් තිදෙනාම එක්‌සත්ව කටයුතු කර රටට සේවයක්‌ කළහැකි බව මහා නායක ස්‌වාමීන් වහන්සේ පැවසීම සම්බන්ධයෙන් දරන මතය ගැන කළ විමසීමකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා “කවුරු එක්‌කද එකතුවෙන්ට කියන්නේ? චන්ද්‍රිකා එක්‌කද? යි විමසීය.

අන්තර්ජාතික පාර්ලිමේන්තුව වෙත ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයන් කණ්‌ඩායමක්‌ ගියේ ඒකාබද්ධ විපක්‍ෂයට යහපාලන රජය සිදුකරන අසාධාරණය කියා සිටීමට බවද මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

චාවාකච්ෙච්රියේ සිදුවූ සිද්ධීන් වැනි රටේ ආරක්‍ෂාවට බලපෑම් ඇතිකරන ක්‍රියාවන් සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ මහින්ද රාජපක්‍ෂ මහතා ජාතික ආරක්‍ෂාවට මෙවන් සිද්ධීන් අභියෝගයක්‌ බැවින් රජය විමසිලිමත් විය යුතු යෑයි පැවැසීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ අපි යහපාලන රජයේ විරුද්ධ පක්‍ෂයක්‌. අපි රජයේ වැරදි වලදී ඡන්දය දෙන්නේ විරුද්ධව. ඒ නිසා විරුද්ධ පක්‍ෂයට හිමි අයිතිවාසිකම් ඒකාබද්ධ විපක්‍ෂ කණ්‌ඩායමට ලැබිය යුතුයි. නමුත් ඒ අයිතිවාසිකම් ලැබෙන්නේ නැතැයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ලංකාවේ පුනර්ජනනීය බලශක්ති වැඩසටහනට එක්සත් ජනපද නියෝජිතායතනයෙන් ඩොලර් මිලයන 19ක්

colombotoday

සංඛ්‍යාත 8ක් අතයටින් මහරාජාට දීලා.. බිලියන 3ක් රජයට අහිමි වෙයි !!

colombotoday

ශ්‍රී ලංකාව තවමත් අවදානම් තත්ත්වයෙන් මිදී නැහැ

colombotoday

අද සිට 16වනදා තෙක් විදුලිය කැපෙන හැටි

colombotoday

ඌව මහ ඇමතිගේ අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව වෛද්‍යවරු වැඩ වර්ජනයක – රෝහලේ නිළ නිවාසයකට පහරදීලා

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදන්නේ මෙහෙමයි (Video)

colombotoday