Colombo Today Local News

“බොරු පුවත් නිර්මාණය කර පළ කිරීම නින්දිත ක්‍රියාවක්” – ගෝඨාභයගෙන් ප‍්‍රකාශයක්

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහ බොදු බල සේනා සංවිධානය සම්බන්ධ කරමින් මුස්ලිම් වෙළඳ ආයතනවලට පහරදීමක් පිළිබඳව තමා සම්බන්ධ යැයි අතැම් වෙඩ් අඩවි හා සමාජ ජාලා මාධ්‍ය එල්ල කරල චෝදනා තරයේ හෙලා දකින බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා

සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් යොදමින් මේ බව පවසා ඇති ඒ මහතා දේශපාලන වශයෙන් කුමන්ත්‍රණ සහ චරිත ඝාතනයන් කරමින් ජාතීන් අතර අසමගිය ඇතිකරන මේ නරුම අවස්ථාවාදය බුද්ධිමත්ව තේරුම් ගෙන සිංහල, දෙමළ, මුස්ලිම් අපි සැමදෙනාම එක්ව එය පරාජය කිරීම අද අත්‍යවශය කරුණක් බවද පවසා ඇත.

පසුගිය දිනවල මුස්ලිම් වෙළදසැල් කිහිපයකට එල්ල වූ ප්‍රහාරය බොදු බල සේනා සංවිධානය විසින් සිදු කරන ලද්දක් බවත්, අත්අඩංගුවට ගැනීමට සොයන ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගෙ රැකවරණය යටතේ සිටින බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා විජේදාස රාජපක්ෂ ඇමතිවරයා හමුවී ඒ පිළිබදව සාකච්ඡා කර ඇති බවත්, එජාප හිතවාදී ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය විසින් ප්‍රචාරය කර තිබිණි.

Related posts

පුංචි ඡන්දයට රු. බිලියන 10ක වැය ඇස්තමේන්තුවට අනුමැතිය

Admin

ලංකාවේ ඩොලර් සංචිත ඉහළට

colombotoday

රහසේම ඩෙංගු යළි හිස ඔසවයි – සෞඛ්‍ය අංශ අනතුරු අගවයි.

colombotoday

කොවිඩ් සිරුරු උපද්‍රවකාරී අපද්‍රව්‍යයක් බැවින් පරිසර ආරක්ෂණ නීති අනුගමනය කරන්න. නැත්නම් නීතිමය පියවර ගන්නවා.

colombotoday

මත්පෙති සමඟ දෙදෙනෙක් වටලයි

Admin

මහින්දානන්ද රිමාන්ඩ්

colombotoday