Colombo Today Local News

යහපාලන ඇමතිලාට එරෙහි දූෂණ විමර්ශන එක තැන නවතී.. ඉහලින් බලපෑම් !

වත්මන් ආණ්ඩුවේ ප්‍රබල අමාතවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, රාජිත සේනාරත්න, රවි කරුණානායක, රිෂාඞ් බදියුදීන්, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ප්‍රියංකර ජයරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන අයට එරෙහිව දුෂණ ,වංචා සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ලවී ඇති අතරම ඒවායින් සමහරක් පැමිණිලි විමර්ෂනය කලද ඉදිරි කටයුතු සිදු කිරීම තාවකාලිකව නවතා ඇති බව වාර්තා වෙනවා . එයට හේතුවී ඇත්තේ යම් යම් දේශපාලන නියෝජිතයන්ගේ බලපෑම්ය .

අනුර ප්‍රියදර්ශන යාපා රාජපක්ෂ රජයේ ඛනිජ තෙල් සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී ගංවතුරෙන් හානියට පත්වූවන්ට ලබාදීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබාගත් රුපියල් ලක්ෂ හැටක් වටිනා භාණ්ඩ තොගයක් සිය නිවෙසට ගෙන්වා ගෙන මැතිවරණ සමයේදී සිය ආධාරකරුවන් වෙත බෙදාදීම ඔහුට එල්ලවී ඇති චෝදනාව වන අතර මේ සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂණය අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවටද යවා ඇති බවට කරුණු වාර්තා වෙනවා . එම සිදුවීම සිදුවූ කාලයේදී අමාත්‍යවරයාගේ මැතිවරණ බලප්‍රදේශය වන කටුගම්පළ ප්‍රදේශයේ ගංවතුරක් ඇතිවී නැති බවද විමර්ශකයන් විසින් සොයාගෙන ඇති බවද දැනගන්නට ඇත.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ධීවර ඇමතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේදී මෝදර ධීවර වරාය සම්බන්ධ කටයුත්තකදී සිදුකරන ලද දූෂණයක් පිළිබඳවද විමර්ශන කටයුතු සිදුවෙමින් පවතී.

එසේම , ආනයනය කරන ලද සුඛෝපභෝගී වාහන නිදහස් කිරීම සම්බන්ධයෙන් වූ දූෂණයකට සම්බන්ධ යැයි මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහිවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතරම ඒ සිදු කෙරෙන සියළු විමර්ශන මන්දගාමිවී ඇති බව සදහන් . කර්මාන්ත කටයුතු හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව පවතින විමර්ශනද මන්දගාමීව සිදුවෙන බව දැනගන්නට ඇති අතර කරුංකා අපනයනයේදී ඒවා දේශීය කරුංකා වශයෙන් ආනයනය කිරීමට අවශ්‍ය සහතික ලබාදීම ඔහුට එරෙහි එක් චෝදනාවකි. අනෙක් චෝදනාව වන්නේ, ඔහු නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී ඔහුගේ බිරිඳ සහ මාමා ඇතුළු ඥාතීන් විසින් පවත්වාගෙන ගිය සමාගමකට සිය අමාත්‍යාංශය මගින් නිවාස කොන්ත්‍රාත්තු ලබාදීමය.ප්‍රියංකර ජයරත්නට ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේදී සිය අමාත්‍යාංශයෙන් සහ සිවිල් ගුවන්සේවා අධිකාරියෙන්ද ඉන්ධන ලබාගැනීම සම්බන්ධ වංචාවක් සම්බන්ධයෙන් චෝදනාවක් එල්ලවී ඇති අතර ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ෂනද අතරමැද ඇණ හිට ඇති බව දැන ගන්නට ලැබෙනවා .

මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් සිටියදී සිදුකරන ලද දූෂණ හා වංචා සිද්ධීන් දොළහක් පිළිබඳව විමර්ශන සිදුවෙන අතර ඔහුගේ නමින් තිබූ ඩිලාන් පෙරේරා පදනමට රාවණා ඇල්ල ෆුඞ් ඇන්ඞ් කේටර්ස් ආයතනයේ හිමිකරුගෙන් රුපියල් මිලියන දෙකක මුදලක් ලබාගෙන සිරිලිය සවිය පදනමට ලබාදී ඇති බවද තහවුරුව ඇත. එසේම රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසමට යොමු කළ පැමිණිල්ලක්ද ඇති බවට තොරතුරු වාර්තා වෙනවා .

Related posts

අල්ලස් ගත් හිටපු පොලිස් සැරයන්වරයෙකුට වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

colombotoday

රත්නපුර අධිකරණ සීමාවේ නඩු විභාග නවත්වයි

colombotoday

යහපාලන රජයේ හිතවත්කමට පත් කළ තානාපතිවරු 30 ක් ශ්‍රී ලංකාවට කැඳවයි

colombotoday

රටින් පැන්න ලඩියාගේ වත්කම් පොලිස් භාරයට

colombotoday

විදුලි අර්බුදයට විසැඳුම් දෙන්න ජනාධිපතිගෙන් පොරොන්දුවක්

colombotoday

යුතුකමේ මෙහෙවර ඵලදරයි.. ඇපමුදල් ගෙවා රණවිරුවන් ගෙදර යයි !

colombotoday