හිටපු කොටි ක්රියාකාරින් තමිල් අරසුකච්චි පක්ෂයට බඳවාගැනීමට එම පක්ෂය ඊයේ (1 දා) තීරණය කර ඇත.
මේ බව එම පක්ෂයේ ප්රකාශක එම්. ඒ. සුමන්තිරන් විසින් මඩකලපුවේ දී හෙළිකර තිබේ. තම පක්ෂයේ දේශපාලන මණ්ඩලය මෙම තීරණය ගත් බව හෙතෙම තවදුරටත් සඳහන් කර ඇත. මෙම හිටපු කොටි ක්රියාකාරීන් දේශපාලන කටයුතුවලට යොදා ගැනේ.
2015 දී හිටපු කොටි ක්රියාකාරීන් තමිල් අරසු කච්චි පක්ෂයට ඒමට කළ ඉල්ලීම ප්රතික්ෂේප වී තිබුණි.