Colombo Today Local News

ආචාර පෙළපාළි, වෙඩිමුර නෑ.. රණවිරු දිනය නිමිත්තෙන් යාපනයේ කසල ශෝධනයට හමුදාව යොදවයි

මෙවර රණවිරු දිනය නිමිත්තෙන් හමුදා පෙළපාලි හා වෙඩි මුර වෙනුවට ජනතා සුබ සිද්ධිය මූලික කරගනිමින් හමුදාව සමග එක්ව යාපනය නගරයේ අපිරිසිදු ස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසයි.

යාපනය නගරය මේ වන විට අපිරිසිදු තත්ත්වයක පවතින බව පවසන ආණ්ඩුකාරවරයා, ආණ්ඩුකාර කාර්යාලයේ මැදිහත්වීමෙන් පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන බව පෙන්වා දෙයි.

ඒ අනුව ලබන හත් වනදා සිදු කෙරෙන එම පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යාපනය මහ නගර සභාව, නාවික හමුදාව, යුද හමුදාව සහයෝගය ලබාදෙන බව රෙජිනෝල්ඩ් කුරේ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (18) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Related posts

කරුණා ශ්‍රීලනිප ය හැර යයි. ආනන්ද සංගරි සමග එක්වෙයි.

colombotoday

ඉඩම් වංචාවක් ගැන හොයන්න විපක්ෂ නායක මුතුරාජවෙලට යයි

colombotoday

“තවමත් ඇමති මමයි“…. චම්පික රණවක නැවතත් ඇමති පුටුවේ වාඩි වෙයි…

colombotoday

පොලිසියෙන් වෙඩි කා පැන ගිය වෙරන්තුකරුවෙක් අල්ලයි

Admin

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හා ජනපති අතර හමුවක්

colombotoday

ඤාණසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව…

colombotoday