Colombo Today Local News

රටවල් වලට පොල් පෙනන්න කෝටි 13 ක් වැය කරලා

පොල් සංවර්ධන අධිකාරිය විදේශයන්හි ප්‍රදර්ශන පැවැත්වීම සඳහා රුපියල් කෝටි 13 කට වැඩි මුදලක් වැය කර ඇතැයි තොරතුරු අනාවරණයවූ බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප්) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ.

මින් එක් කෝටි තිස්පන් ලක්ෂයකට වැඩි මුදලක් වැයවී ඇත්තේ නිලධාරීන්ගේ ගුවන් ගමන් සඳහා යැයි එම කමිටුව පවසයි.

විදේශ ප්‍රදර්ශන සඳහා මෙම මුදල වැය කර ඇතැයි පැවසෙන්නේ 2017 -2019 අතර කාලයේදීය.

විදේශයන්හි ප්‍රදර්ශන පැවැත්වීම සඳහා මෙපමණ විශාල මූල්‍ය ප්‍රාග්ධනයක් වැය කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව පොල් සංවර්ධන මණ්ඩලයට නියෝග කර ඇත.

එසේම මෙම ප්‍රදර්ශනය සඳහා විදේශගත වන නිලධාරීන් ඒ සඳහා ප්‍රමාණවත් දැනීමක් සහිත නිලධාරින්ද යන වග පරීක්ෂාකර වාර්තා කරන ලෙසට වැඩිදුරටත් දැනුම් දී ඇත.

මේ අතර පොල් සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසි හත් දෙනකුට කෝටි දෙකකට ආසන්න මුදලක් කම්කරු දීමනාවක් ලෙස 2011- 2015 අතර කාලයේදී ගෙවා ඇතැයි පවසන එම කමිටුව මෙම මුදල අයකර ගැනීමට මෙතෙක් කටයුතු කර නැතැයිද චෝදනා කරයි.

Related posts

පළාත්සභාවලට ස්වාධීන බලතල.. විසුරුවාහැරීමේ බලයත් ජනපතිගෙන් ගිලිහෙයි

colombotoday

රසායනික පොහොර ආනයනය කර දෙන බව පවසා ලක්ෂ 160ක් ගැරූ අයෙක් අල්ලයි

Admin

ඉන්දියාවෙන් ලංකාවට ලෙඩක්

Admin

බෙදුම්වාදී ව්‍යවස්ථාව මේ ආණ්ඩුවේ මිනී පෙට්ටියට ගහන අන්තිම ඇණයයි !

colombotoday

වෙහෙරහැර රියදුරු බලපත්‍ර අංශයෙන් යුද හමුදාව ඉවත් කරයි

Admin

සුනඛයා බේරාගන්න ගිය කතක් දුම්රියේ ගැටී මරුට

Admin