Colombo Today Local News

ගුරුවරිය 16 සිසුවා 60වතාවක් හෝටලයට රැගෙන ගිහින්… පාසලේ තැන තැන අපයෝජනය වෙලා

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවකුට වසර 4 ක් තිස්සේ ලිංගික අපයෝජන සිදුකළ එම විදුහලේම 34 හැවිරිදි විවාහක ගුරුවරියක් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ඊයේ (10)දින නියෝග කළාය.

වාර්ෂික ක්‍රිකට් තරගයකදී අදාළ ගුරුවරිය සහ එවකට 16 හැවිරිදි වියේ පසුවූ සිසුවා හඳුනාගෙන තිබේ. ඉන් අනතුරුව ‘වට්ස්ඇප්’ මාර්ගයෙන් නිතරම දෙදෙනා කතාබස් කර තිබෙන බව දන්වා සිටි පොලිසිය පාසලේ පරිගණක කාමරය තුළදී සහ විවිධ ස්ථාන රැසකදී ගුරුවරිය දරුවා ලිංගික කටයුතු සඳහා පොළඹවාගෙන අපයෝජන සිදුකර ඇතැයි ද දන්වා සිටියේය.

මෙම ගුරුවරිය අදාළ දරුවා සමග ගල්කිස්සේ ප්‍රධාන හෝටලයකට 60 වතාවක් පමණ ගොස් තිබෙන බව අනාවරණය වී ඇතැයි දන්වා සිටි පොලිසිය එහිදී හෝටලයට ඇතුළුවීම සඳහා දී ඇත්තේ ගුරුවරියගේ ජාතික හැඳුනුම්පත බවද අධිකරණයට දන්වා සිටියේය.

මේ වනවිට මෙම සිසුවාගේ වයස අවුරුදු 20 ක් බවද අනාවරණය විය. සැකකාර ගුරුවරිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය පොලිසියට නියම කළාය.

Related posts

පුද්ගල අත්තිකාරම් බදු ආදායමේ සීඝ්‍ර වර්ධනයක්

Admin

විල්පත්තුවෙන් කෑල්ලක් ඉල්ලා දිගටම බලපෑම්… බදියුදීන් ඇමතිකමෙන් ඉවත් වෙන්න යයි !!

colombotoday

සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ තොරතුරු පැතිරවූ තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

“උතුර, නැගෙනහිර එක්කර ෆෙඩරල් ඕන” – විග්නේෂ්වරන්ගෙන් නව ව්‍යවස්ථාවට නිර්දේශ 3ක්

colombotoday

එජාප ප්‍රබලයන් දෙදෙනෙක් බැදුම්කරෙන් ලක්ෂ පනහක් අරන්….

colombotoday

කැකිරාව ප්‍රා.ලේ කාර්යාලයේ වැසිකිලියක පිපිරීමක් – දේපල රැසකට හානි

Admin