Colombo Today Local News

දිස්ත්‍රික්ක 8කට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, අද (03) රාත්‍රී 08.00 දක්වා අදාළ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය දීර්ඝ කර ඇති බවය.

මේ අතර අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 41කට බලපෑම් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ආපදා තත්ත්වයෙන් පවුල් 1,444 කට අයත් පුද්ගලයින් 5,790 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු ද විවෘත කර ඇති බව සඳහන් වේ.

දිවයින ආසන්නයේ පැවති අඩුපීඩන කලාපය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් අද දිනයේ ද දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක මහත්මිය පවසන්නීය.

Related posts

විදුලි සේවකයාගේ බෙල්ලෙන් අල්ලා එළියට ඇඳ දැමූ හිටපු ඇමති ගැන පරීක්‍ෂණක්

Admin

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ උඩුමහලින් වැටී මිය යයි !

colombotoday

20 ගෙනාවොත් රටම අරාජික වෙනවා…මේක මහින්ද ජවිපෙට දුන්න ලණුවක්

colombotoday

‘නව ව්‍යවස්ථාවක් එපා‘ – මහානාහිමි මතය සමග ශ්‍රීලනිපයත් හිටගනී !!

colombotoday

“අලුත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට මුල් තැන නෑ.. ඉක්මනට සම්මතකරගන්න ඕන“ – වික්‍රමබාහු කියයි

colombotoday

ආදාහනයද භූමිදානයද යන්න නිර්දේශ කිරීමට රාජ්‍ය ඇමති සුදර්ශිනී විශේෂඥ කමිටුවක් පත්කර නෑ |කොවිඩ් 19 පාලනය කිරීමේදී සැමවිටම විද්‍යාත්මක ක්‍රමවේදයක සිට විසදුම් සෙවිය යුතුයි.

colombotoday