Colombo Today Local News

රටේ නම වෙනස් කරන්න විද්වත් කමිටුවට යෝජනාවක්

නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පත් කළ විද්වත් කමිටුවට භික්ෂූන් වහන්සේලා අද (03)දින සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරනු ලැබීය.

බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි නව ව්‍යවස්ථා සම්පාදන විද්වත් කමිටුව වෙත මෙලෙස භික්ෂූන් වහන්සේ සිය අදහස් හා යෝජනා ඉදිරිපත්කර තිබේ.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි සඳහන් කළේ “අපි මහපොළව ගැන විතරක් නෙමෙයි අහස සහ මුහුද, සතා සිවුපාවා ගැනත් කරුණු ඉදිරිපත් කළා. තවත් කරුණු රැසක් ගැන කරුණු ඉදිරිපත් කළා. අපි ඉදිරියේ දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරනවා. ඒවා ඉටු නොකළොත් අපිට ඒ සඳහා ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද කියලත් අපිට වැඩපිළිවෙලක් අවශ්‍යයි, අපි ඉදිරියේ පොරොන්දු වූ ප්‍රශ්න එකකටවත් විසඳුම් ලබලා දීලා නෑ. ජාතියක් හැටියට අපි අසරණ වෙලා ඉන්නේ. ආණ්ඩුව කියන දේ අහන්නේ තැන්තම් ඒකටත් ප්‍රතිකර්ම තියෙනවා. ලුණු හැදෙන්නෙත් වතුරෙන් ලුණු නැති වෙන්නෙත් වතුරෙන් නේ” යනුවෙනි.

ශ්‍රී රෝහණ පාර්ශ්වය වෙනුවෙන් එහි අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප හිමි අදාළ යෝජනාව භාරදීමෙන් අනතුරුව මෙලෙස අදහස් පළ කර තිබුණි.

“මේ රටේ නම සිංහලේ විය යුතුයි කියලා තමයි මම යෝජනා කළේ. මේ රටේ රාජ්‍ය භාෂාව සිංහල විය යුතුයි. ඊළඟට මේ රටේ ඓතිහාසික බෙදීම රුහුණු, මායා, පිහිටි කියන බෙදීම මුල්කර ගෙන පරිපාලනයේ බෙදීමක් ඇතිකළ යුතුයි. අපේ යෝජනා සඳහා වැඩි අවධානයක් යොමු කරයි කියලා හිතනවා.”

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ද සඳහන් කළේ, “මම යෝජනා කළේ ශ්‍රී ලංකා ජනරජය කියන නම. කිසිදු ආකාරයක බලය බෙදීමක් නොවිය යුතුයි.”

මේ අතර, පළාත් සභා අහෝසි කර දිස්ත්‍රික් සංවර්ධන සභාවක් බලගැන්වීම ඇතුළු නව ව්‍යස්ථාවට ඇතුළත් වියයුතු තවත් යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් භික්ෂු සංවිධාන විසින් අද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පත් කළ විද්වත් කමිටුවට ඉදිරිපත් කර තිබුණි.

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ අරඹයි

colombotoday

බස්නාහිර පළාතේ පැය 24ක මෙහෙයුමකින් සැකකරුවන් 400ක් අත්අඩංගුවට

colombotoday

පැය 24 ක් තුළ ඇඳිරි නීතිය කඩ කළ 91 ක් අත්අඩංගුවට

colombotoday

අගමැති පිටව යයි.. හිටපු අගමැති තවමත් පාර්ලිමේන්තුවේ…

colombotoday

නාමික නිදහසේ වහළුන් නොවෙමු, උදුරාගත් නිදහස නැවත දිනාගනිමු – මහාචාර්ය නලින් ද සිල්වා

colombotoday

විජේකලාගේ කොටි ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූ කලබලය ගැන කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday