Colombo Today Local News

බස්නාහිර බලය දෙදරයි.. මහින්දවාදීන් ස්වාධීන වීමට යයි !

බස්නාහිර පළාත් සභාවේ ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපයට විරෝධය පා එම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජනය කරන මහින්දවාදී මන්ත්‍රීවරු ස්වාධීනව කටයුතු කිරීමට සැරසෙන බව වාර්තාවේ.

එම ඇමැතිවරුන් පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් සතයකටවත් මායිම් නොකිරීම සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා (17) ශ්‍රාවස්තියේ දී පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමට ඇමැතිවරුන්ගෙන් සහභාගී වී ඇත්තේ ගාමිණි තිලකසිරි ඇමැතිවරයා පමණක් වන අතර පළාත් ඇමැතිවරුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී නොවීම පිළිබඳ මන්ත්‍රීවරුන් විරෝධය පළ කර ඇත.

අනෙකුත් පළාත් ඇමැතිවරුන් වන රංජිත් සෝමවංශ, සුමිත් ලාල් මෙන්ඩිස් සහ ලලිත් වනිගරත්න හට දැඩි ලෙස විරෝධය පළ කර ඇති මන්ත්‍රීවරුන් ප්‍රධාන ඇමැතිවරයා හට පවසා ඇත්තේ දිගින් දිගටම මෙසේ සිදුවන්නේ නම් ඉදිරියේ දී දැඩි තීන්දුවක් ගැනීමට සිදුවන බවය.

පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෙරිල් පෙරේරා, ආනන්ද හරිශ්චන්ද්‍ර සහ ලලිත් එල්ලාවල එල්ල කළ දැඩි විරෝධය හමුවේ මහ ඇමැතිවරයා පවසා ඇත්තේ ජනාධිපතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර පිළිතුරක් ලබා දෙන බවය.

එහෙත් ඊට එකඟ නොවූ මන්ත්‍රීවරුන් කියා ඇත්තේ එයින් පළක් නොමැති බවය.

ජනාධිපතිවරයා හමු වී මේ ගැන කතා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඔවුන් මහ ඇමැතිවරයාට කියා ඇති අතර මහ ඇමැතිවරයා ඊට එකඟතාව පළ කර තිබේ.

බස්නාහිර පළාත් සභාවේ බහුතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු මහින්ද පාර්ශ්වය නියෝජනය කරන අතර ඔවුන් වර්තමාන ආණ්ඩුවෙ අගතිගාමී ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරමින් සිටිති.

Related posts

අධිවේගයෙන් වැඩිවන අධිවේගයේ අනතුරු

Admin

ජනපති ධුරය සඳහා නාමයෝජනා භාර දීම අද

colombotoday

ව්‍යවස්ථා සම්මතේට ඔලු හෝදන්න මංගලගෙන් අලුත් “සංහිදියා” නාලිකාවක් !

colombotoday

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට සුදානම් – චමල්, බැසිල්, නාමල්ට ඇමති ධූර නෑ.

colombotoday

ආණ්ඩුව පෙරළන සාකච්ඡා ඇරඹෙයි !

colombotoday

ප්‍රභාකරන් වගේ, පුතුන් දෙදෙනාත් අරගලයට එක් කරගන්න – නිමල්කා විග්නේෂ්වරන්ට කියයි

colombotoday