Colombo Today Local News

හාල් නැවක් මග එනවා.. අඩුවට දෙනවා, ටිකක් ඉවසන්න.. ආණ්ඩුව මූදට දත නියවයි !!

විදේශීය සහල් ශ්‍රී ලංකාවට ළඟාවෙමින් පවතින හෙයින් ඉදිරි දෙසතිය ඇතුළත සහල් මිල පහත වැටෙනු ඇති බව විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම පවසයි.

නියඟය හේතුවෙන් අස්වනු අඩුවීමත් සමඟ සහල් මිල ඉහල යනතුරු මෝල් හිමියන් සිය සහල් තොග සඟවාගෙන සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වෙළඳපොලේ සහල් මිල ඉහළයාම සම්බන්ධයෙන් සොයා බලා විසඳුම් යෙදීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අමාත්‍ය අමුණුගමගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත්කරනු ලැබ තිබේ.

වෙළඳ අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් සහ ග්‍රාමීය කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පී හැරිසන් කමිටුවේ අනෙක් සාමාජිකයෝය.

“නියඟය නිසා මහ කන්නයේ අස්වැන්න සියයට පනහකින් පමණ පහත වැටුනා. මේ නිසා රජයට සිදුවුනා, මං හිතන්නේ, සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂයක් විතර ආනයනය කරන්න. නමුත් හාල් ගේන්න ලොකු ප්‍රමාදයක් වුනා. මොකද, දැන් කල්කටාවේ ස්ට්‍රයික් එකක් තියෙනවා. හාල් මිල එහෙත් ටිකක් වැඩිවෙලා තියෙනවා,” අමාත්‍ය අමුණුගම පැවසීය.

එමෙන්ම මුල් අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සහල් මෝල් හිමියන් සහල් සඟවාගෙන සිටීම වෙළඳපොලේ සහල් මිල ඉහලයාමට තවත් හේතුවක් වූ බව අමාත්‍යවරයා පිළිගත්තේය.

“ඒගොල්ල තමයි හංගගෙන හිටියේ මුලට. නමුත් දැන් ඒගොල්ලන්ට විශාල වාසියක් නොලැබුනත් දැන් ඒගොල්ල ළඟ තියෙන වී කොටලා වෙළඳපොළට එවන්න ඕන.”

කෙසේ නමුත් විදේශීය සහල් ඉදිරි දින කිහිපය තුළදී ශ්‍රී ලංකාවට ළඟා වන බවත් මෝල් හිමියන් විසින් වී තොග සඟවාගෙන සිටිනු ලැබීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොවන බවත් අමාත්‍ය අමුණුගම අවධාරණය කළේය.

BBC

Related posts

ඝාතනය කෙරුණු කල්ලාරු මහ ඇතුගේ සිරුරු කොටස් හමුවේ !!

colombotoday

UPDATE: ඇප හිමි වූ ඤාණසාර හිමි යළි රිමාන්ඩ්… සුදත්ත හිමිත් රිමාන්ඩ්

colombotoday

අගමැති රනිල් කල් මරමින් සිටි, මහ බැංකු හොරුන්ට දඩුවම් දෙන අල්ලස්, දූෂණ පනත වහා සම්මත කරන්නැයි ජනපති දන්වයි….

colombotoday

කාණ්ඩ 12ක් යටතේ සිදු කල ජල ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි

colombotoday

ලොහාන් රත්වත්තේ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙයි.

colombotoday

වගාව රැක ගන්න ගිය තිදරු පියාට අත් වූ ඉරනම

Admin