Colombo Today Local NewsCovid 19

අද හදුනා ගත් කොරෝනා අසාදිතයින් ගණන 12 දක්වා ඉහළට

තවත් කොවිඩ් නයිනටීන් ආසාදිතයින් පස්දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඔවුන් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් බව සඳහන් වේ.

ඒ අනුව මෙරට දී මෙතෙක් හමු වී ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2782කි.

මේ වන විට, අද දවස තුළ (26)දින මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 12 කි.

ඔවුන්ගෙන් තිදෙනෙක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සිව්දෙනෙක් කටාර් රාජ්‍යයේ සිට පැමිණි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර සුවය ලැබූ ගණන 2106 දක්වා ඉහළ ගියේ ගතවූ පැය 24 තුළ තවත් තිදෙනෙකු සුවය ලැබීමත් සමගය.

එමෙන්ම තවමත් ප්‍රතිකාර ලබන ගණන 665 කි.

Related posts

නිරෝෂන් ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේදී සරත් ෆොන්සේකාව නිරුත්තර කර දමයි

colombotoday

ජනාධිපතිවරණයට සුදානම්. මට දැන් සුවයි. – ගෝඨාභය රාජපක්‍ෂ

colombotoday

මගේ බෙල්ලත් දෙනවා, හදවතත් දෙනවා, සරුවාංගයම පරිත්‍යාග කරනවා !

colombotoday

දිස්ත්‍රික් පහක වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

colombotoday

අද විදුලිය විසන්ධි කරන කාල සටහනේ වෙනසක්

colombotoday

රියදුරු ලෙඩවී බස් රිය පෙරළෙයි

colombotoday