Colombo Today Local News

කොල්ල කෑ ස්මාර්ට් දුරකථනයේ වතුකරයේ තරුණියන් අට දෙනකුගේ නිරුවත් වීඩියෝ

වතුකරයේ දෙමළ තරුණියන් අට දෙනකුගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන දුරකතනයේ තබාගත් පුද්ගලයකු වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.

වත්තල ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු තම ජංගම දුරකතනය කොල්ල කෑ බවට මෙම සැකකරු විසින් වත්තල පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබුණි.

දුරකතනය සොරාගත් එම පුද්ගලයන් දෙදෙනා එය තමන් වෙත නැවත ලබාදීම සඳහා රුපියල් ලක්ෂ දහයක කප්පමක් ඉල්ලන බවට පැමිණිලිකරු පොලිසිය හමුවේ සඳහන් කර තිබුණි. මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ වත්තල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල දහනායක මෙම දුරකතන සොරකමට සම්බන්ධ සැකකරුවන් දෙපළ අත්අඩංගුවට ගෙන සොරාගත් බව කියන එම දුරකතනය ද පරීක්ෂාවට ලක්කර ඇත.

Related posts

මෛත‍්‍රී 2020 ජනාධිපති අපේක්‍ෂක වීම කිසිවෙකුට වැළැක්විය නොහැකියි..

colombotoday

හිටපු ජනපති වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරිය ජනාධිපති කොමිසමට දනුම් දුන් දේ

colombotoday

සාමාන්‍ය පෙළ කල් යයි

colombotoday

ගංගා 6ක වැලි නිධි පිහිටා ඇති ස්ථාන ගැන සමීක්ෂණයක්

colombotoday

අන්තර් පළාත් දුම්රිය සේවා පටන් ගන්නා දිනය මෙන්න.

colombotoday

“මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූණා” ඥාණසාර හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

colombotoday