Colombo Today Local News

සූක්ෂමව සගවා තිබූ බෝම්බ 21ක් හමුවෙයි

යුධසමයේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් මතු ප්‍රයෝජනය සඳහා ඉතා සූක්ෂම අයුරින් සඟවා තබන ලද හදුනා නොගත් බොම්බ 21ක් සහ මෝටාර් උන්ඩයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (28)දින පුදිකුඩිඉරිප්පු උඩයාර්කට්ටු කැලෑ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැන ඇත.

මුලතිව් නාවික හමුදා කදවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව ඊයේ 28 පෙරවරුවේ පුදිකුඩිඉරිප්පු පොලිස් වසමේ උඩයාර්කට්ටු කැලෑ ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකා මුලතිව් කඳවුරේ නිලධාරීන් මෙම වැටලීම සිදු කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් බෝම්බ සහ මෝටාර් උණ්ඩය නිෂ්ක්‍රීය කර විනාශ කිරීම සදහා අධිකරණ නියෝගයක් ලබා ගන්නා තෙක් පුදිකුඩිඉරිප්පු පොලිස් ස්ථානයට භාරදී ඇතැයිද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ උතුරු පලාත් භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ඩි.ඩි.කේ හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් මුලතිව් විශේෂ කාර්යය බලකා දෙවන කදවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක. ආර්.ඒ.පී.ටී. රණතුංග ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම මෙහෙයුම සිදු කර ඇත.

Related posts

එකම විසඳුම මහ මැතිවරණයක් – ආගමික නායකයෝ, විද්වත්හු අවධාරණය කරති.

colombotoday

වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් අඩි 15ක් උස ආරක්ෂක වැටක්

colombotoday

“ත්‍රස්තවාදය ඉවර නෑ.. දැන් ත්‍රස්තවාදීන් අන්තර්ජාලයේ වෙබ් ඔස්සේ ක්‍රියාත්මකයි“ – අගමැති

colombotoday

කුලියාපිටියෙනුත් බෝම්බ පාර්සලයක් හමුවෙයි

colombotoday

මැතිවරණයෙන් පසු ජනපතිට එරෙහිව එජාපය කඩුව ඔසවන්න යයි..

colombotoday

උඩරට දුම්රිය මාර්ගයේ අවහිරතා අවසන්

Admin