Colombo Today Local News

නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහරිනවයි පවසා කප්පම් ඉල්ලූ දෙදෙනෙකුට වැඩ වරදී

කාන්තාවකගේ ඡායාරූප නිරුවත් ඡායාරූප ලෙස සකසා සමාජ මාධ්‍ය වෙත යොමුකරන බවට තර්ජනය කරමින් කප්පම් ලබගැනීමට උත්සහාකළ තරුණයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් දෙදෙනා එම කාන්තාවගේ ඡායාරූප “ෆේස්බුක්“ ඔස්සේ ලබා ගෙන ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී ඇත.

ඇඹිලිපිටිය පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයක දී එම තරුණයින් දෙදෙනා ඊයේ (27)දින ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

එම සැකකරුවන් දෙදෙනා සතුව තිබි පරිගණක දෙකක් සහ ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20ත් 23ත් අතර වයස්වල පසුවන පොළොන්නරුව සහ අංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

එම සැකකරුවන් අද (28)දින ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

කොළඹ ඩෙංගු මඩින්න වොල්බැකියා මදුරුවන් මුදාහැරී

Admin

ජන හා නිවාස සංගණනය ඇරඹෙයි

Admin

හිස්බුල්ලාගේ ෂරියා විශ්වවිද්‍යාලයට මුදල් ලැබුන හැටි හෙළිවෙයි.

colombotoday

“වසත් සිරිය 2023” අප්‍රේල් 22 වන දා ගාලු මුවදොර හරිත භූමියේ දී

Admin

සාලිය රණවක තායිලන්තයේ සිට තරුණයන් රවටා මුදල් වංචාවක

colombotoday

පෙම්වතා සමග වීඩියෝවක් අන්තර්ජාලයට දැමීම ඉස්ලාම් නීතියට පටහැනියැයි තරුණියක් මරා දමයි

colombotoday