Colombo Today Local News

“රටට තියා දායකයන්ටවත් මූණ දෙන්න බෑ“ – රතන හිමි තීන්දුවක් ගන්න යයි

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඉතා නුදුරේදී දේශපලාන තීන්දුවක් ගැනීමට සැරසෙන බව උන්වහන්සේට සමීප ආරංචි පවසයි.

යහපාලන ආණ්ඩුව කරන කියන දේවල් නිසා තමන්වහන්සේට රටේ ජනතාවට පමණක් නොව, දායකකාරකාදීන්ට පවා මුහුණදීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටින බව අතුරලියේ රතන හිමියන් පවසා ඇති බව දැනගන්නට ඇත. දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට කාලය එළැඹ ඇති බව හැඟී යන බවද උන්වහන්සේ පවසති.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක මහතා ලබන 23දාට හොරණ ආසන බල මණ්ඩලය කැඳවා ඇති අතර, එහිදී තමා විසින් ගනු ලබන දේශපාලන තීන්දුවක් පිළිබඳ පාක්ෂිකයන් දැනුවත් කර ඔවුන්ගේ අදහස් විමසීමට අපේක්ෂා කරන බවද පැවසේ.

Related posts

රසායනික පොහොර, කෘමිනාශක , වල්නාශක ආනයනයට අද සිට අවසර

colombotoday

ඇමති අනුකමිටු වාර්තාව එයි.. IOC බේරා ඛණිජ තෙල් සංස්ථාව මත වරද පටවයි !

colombotoday

මත්පැන් සාදය අවසානයේ සූපවේදියෙක් පඩිපෙළින් වැටී මියගිහින්

colombotoday

“රාජපක්ෂ ගෙදර යැව්වා.. ශ්‍රීලනිපය දෙකට කැඩුවා.. කොහොමද රනිල්ගෙ මොළේ” – නලින් බණ්ඩාර (Video)

colombotoday

දුම්රියේ අමතක වුණ ලක්ෂ 50ක රත්තරන් මල්ල ආපසු දෙයි

Admin

අඹ ගෙඩියක් කෑ ගැබිනි මවක් මියගිහින්

Admin