Colombo Today Local News

මොරගහකන්ද ජලාශයට ජලය පිරවීම සුබ මොහොතින් ඇරඹේ

මොරගහකන්ද ජලාශයට ජලය පිරවීමේ ‘‘මංගල දියවර රැදවුම් මංගල්‍යය’’ අද(10දා) සුබ මොහොතින් ආරම්භ විය. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

එවකට මහින්ද රාජපකෂ ආණ්ඩුවේ කෘෂිකර්මාන්ත, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍ය වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා මොරගහකන්ද ජලාශය ඉදිකිරිම ආරම්භ කරනු ලැබීය.

මොරගහකන්ද ජලාශයේ විශාලත්වය පරාක්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක් වන බව පැවැසේ. මහවැලි ව්‍යාපාරයේ අවසන් ව්‍යාපෘතිය වන්නේද මොරගහකන්ද ව්‍යාපෘතියයි.

කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය, පානීය ජල අවශ්‍යතාව, විදුලි බල සැපයුම ලෙස බහුකාර්ය ව්‍යාපෘතියක් ලෙස මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණ. මෙම ව්‍යාපෘතිය මගින් මාතලේ, කුරුණෑගල, ති‍්‍රකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුරය යන දිස්ති‍්‍රක්කවල කෙත් බිම්වලට ජලය සැපයීමට නියමිතය.

රජරට ප‍්‍රදේශයේ වකුගඩු රෝගයට විසඳුමක් ලෙස පිරිසිදු පානීය ජලය ලබාදීමද ව්‍යාපෘතියේ තවත් අරමුණකි.

මෙම ව්‍යාපෘතිය මගින් ජාතික නිෂ්පාදනයට ඇමරිකානු ඩොලර් මිලියන 30 ක ආදායමක් අපේක්ෂා කරන අතර ප්‍රතිලාභ හිමිවන පවුල් සංඛ්‍යාව ලක්ෂ 2කි.

මෙම ව්‍යාපෘතිය නිම කෙරෙන්නේ වර්ෂ 2020 දීයි.

Related posts

කොළඹ රාජකීය විදුහල්පතිටත් මුදල් අක්‍රමිකතා චෝදනා

colombotoday

දූෂිත ඇමතිලා ගැන අගමැතිගේ තීරණය දැනුම් දෙයි !!

colombotoday

පඩි මදිනම් වෙන රස්සාවක් හොයාගන්නවා ! – අගමැති විගණකාධිපතිට කියයි

colombotoday

අභාවප්‍රාප්ත ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරාගේ අවසන් කටයුතු ජූනි 3 වන දා සිදු කෙරේ

colombotoday

සජිත් ඉල්ලා යාපනේ වැසියෝ පොල් ගසති !

colombotoday

ගිය ආණ්ඩුවේ ලොක්කන්ගේ අයථා දේපළ රාජසන්තක කරන්න යයි

colombotoday