Colombo Today Local News

ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් 273ක් නැවත සේවයට

අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ 273 ක් අලුත්වැඩියා කර නැවත මගී ප්‍රවාහනය සඳහා එක් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි.
ඒ, ගාලු මුවදොර පිටියේදී ය.

එම බස්රථ දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහනය සඳහා යොදා ගනු ඇති.

බිඳ වැටී තිබූ ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා නව රජය බලයට පත්වීමෙන් පසු වාහන ආනයනය සීමා කරනු ලැබූ අතර ඒ හේතුවෙන් මගී ප්‍රවාහනය සඳහා අවශ්‍ය බස්රථ හිඟයක් ඇති වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

ඊට පිළියමක් ලෙස ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය තුළින් බස්රථ ආනයනය සඳහා වැය වන විනිමය ඉතිරි කර ගැනීමට හැකිව තිබේ.

ඩිපෝ 107 ක ඉවත් කර තිබූ බස්රථ 273 ක් මේ යටතේ අලුත්වැඩියා කර ඇති අතර ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 115 කි.

ශ්‍රී ලංකා පොදු ප්‍රවාහන සේවක සමිතියේ පූර්ණ සහය ඇතිව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝ හා ලක්දිව ඉංජිනේරු සමාගම ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මකයි.

Related posts

ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු ලබා සිටි තරුණියක් කටුනායකදී අල්ලයි

colombotoday

ගුරුහොරු 14ක්?

Admin

“ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත ශක්තිමත් කරන්න තවත් පනතක් හදනවා”

Admin

කන්‍යා සොයුරි, වෙස් ගන්වා කතුන් රට පටවන ජාවාරමක් කොටු.. ගැලවීමේ හමුදාවටත් ගැලවෙන්න බැරිවෙයි

colombotoday

චීනය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර වැඩි කෙරේ…. වෛද්‍ය සිසුන්ට චීනයේ යළි අධ්‍යාපනය හදාරන්නත් අවස්ථාව

colombotoday

අය වැය විප්ලවීය මෙන්ම ජනතාවට යුතුකම් ඉටු කළ එකක්

Admin