Colombo Today Local News

ඥාණසාර හිමිගේ චීවරය ගලවා සසුනට නිගා කරාට එරෙහිව රට පුරා විරෝධතා…

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට භික්ෂුවක් ලෙස හිර ගෙදරදී කටයුතු කර උන්වහන්සේගේ භික්ෂුභාවය ආරක්ෂා කරන්නැයි සහ භික්ෂූ සාශනයට නිගා නොකරන්නැයි ඉල්ලමින් රට පුරා ස්ථාන කිහිපයකදී අද විරෝධතා පැවැත්විණි.

තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර ඒකාබද්ධ භික්ෂූ බලමණ්ඩලයේ ස්වාමීන්වහන්සේලා හා ප්‍රදේශවාසීන් එක්ව සැතපුම් පහක පමණ දුරක් පාගමනින් ගොස් තිස්සමහාරාම රජමහා විහාරයට ගොස් සත්‍යග්‍රහයක නිරත විය.

දඹුල්ල නගරයේදීද අද දිනයේ බෞද්ධ සංවිධාන කිහිපයක එකමුතුවෙන් විරෝධතා පාගමනක් පැවැත්විණි.

මේ අතර බදුල්ල මැදගම විහාරධිපති සංගමයද ප්‍රදේශවාසීන් සමග සත්‍යග්‍රහයක නිරත විය.

Related posts

පිංවත්තේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Admin

යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ ඉවත් කෙරේ!

colombotoday

සෞඛ්‍ය අමාත්‍යවරිය රෝහලේ සිට කළ ප්‍රකාශය

colombotoday

ඉන්දියාවෙන් වව්නියාවට පැමිණි පිරිසක් මුල් ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයක

colombotoday

විදුලිය කැපෙද්දී ලාම්පුත් ගණන් උස්සයි

colombotoday

දුමින්ද සිල්වාට නිදහස් වෙන්න තියෙන අවස්ථා රෙනෝ ද සිල්වා නිසා විනාශ වෙයි.

colombotoday