Colombo Today Local News

අද සිට ක්‍රියාත්මක 2017 අයවැය යෝජනා මෙන්න

2017 අයවැය යෝජනා ගණනාවක් අද (01) දා සිට බලාත්මක වනවා.

සියළු අධිවේගී මාර්ගවල ගාස්තු අද සිට සංශෝධනය වන අතර රාත්‍රී 9.00 සිට අළුයම 5.00 දක්වා කාලයේදී එම මාර්ගවල අය කෙරෙන ගාස්තු රුපියල් 50කින් අඩු වනවා.

2017 අයවැයෙන් යෝජනා කෙරුණු පරිදි එළවළු සහ පළතුරු කර්මාන්තකරුවන් සඳහා සියයට 50ක ණය පොලී සහනාධාරයද අද සිට බලාත්මකයි.

ඉදිකිරීම් කර්මාන්තයට අදාළ සියයට 25ක සෙස් බද්දද අද සිට ඉවත් වනවා.

පාසල් සිසුන් සඳහා වන රුපියල් ලක්ෂ දෙකක රක්ෂණාවරණය එ්වායින් එකක්. නොමිලයේ ලබාදෙන මෙම රක්ෂණාවරණයෙන් රෝහල් ගත වීම සඳහා රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වාද බාහිර ප‍්‍රතිකාර සඳහා රුපියල් දස දහසක උපරිමයක් දක්වාද පාසල් සිසුන්ට ප‍්‍රතිලාභ ලැබෙනු ඇති.

රජයේ රෝහල්වලට ඇතුළත් වන රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීමද අද සිට තහනම් වනවා.

ආනයනික සීනි සඳහා සියයට දෙකක සෙස් බද්දක් සහ එතනෝල් සඳහා සියයට 5ක සෙස් බද්දක්ද අද සිට පැනවෙනු ඇත.

Related posts

යුද හමුදාවට අමතරව ශ්‍රී ලංකා පොලීසියත් ප්‍රතිසංවිධානයට බ්‍රිතාන්‍ය අත තියයි

colombotoday

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හු‌දකලා කෙරේ

colombotoday

ඥානසාර හිමි හැකි ඉක්මනින් නිදහස් කරනවා – ජනපතිගෙන් භික්ෂූන් වහන්සේලාට පොරොන්දුවක්

colombotoday

යෝෂිතට හිත දුන් යසරා, රගර් ක්‍රීඩක ෆසීල් මරීජාට අත දෙයි

colombotoday

රාජිත සේනාරත්න 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

භාණ්ඩ හා සේවා අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15.1ක්

colombotoday