Colombo Today Local News

නඩරාජා රවිරාජ් ඝාතනයට රිමාන්ඩ් කර සිටි හමුදා නිලධාරීන් නිදොස් කොට නිදහස් කෙරේ

 පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි බුද්ධි අංශ නිලධාරීන් තිදෙනා ඇතුළු විත්තිකරුවන් පස්දෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළ නඩුව අවසන් වූයේ අද අලූයම 12.35ට පමණය.

ජූරි සභාවක් ඉදිරියේ විභාගවූ නඩුවක් එක් දිනක් තුළ දීර්ඝතම කාලයක් විභාග කළ අවස්ථාව ලෙස මෙය ඇතැමුන් හඳුන්වන අතර මීට පෙර බදුල්ලේදී රාත්‍රී 11.30වන තුරු එවැනි නඩුවක් විභාගයට ගෙන තිබෙනවා.

ඊයේ (23) උදෑසන 10.00ට නඩුව විභාගයට ගත් අතර පැමිණිල්ලේ සහ විත්තියේ දේශණ සහ කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලකගේ දේශනය ද පැවැත්වුණේ මෙම දිනය තුළදීයි.

මෙහිදී විත්තිකරුවන් නිවැරදිකරුවන් ලෙසට ඒකමතිකව නිගමනයකඑළඹි බව සාමාජිකයින් හත් දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවේ සභාපතිවරයා මහාධිකරණයේදී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මෙම නඩුවේ පළමු විත්තිකරු දැනට මියගොස් ඇති බැවින් මෙම තීන්දුව ඔහුට අදාළ නොවන බවයි ප්‍රකාශ කෙරුණේ. නඩුවේ පළමු සාක්ෂිකරු ලෙසට රජයේ සාක්ෂිකරුවෙකු වන ප්‍රීති විරාජ් මනම්පේරි නමැත්තා නම්කොට තිබූ අතර ඔහු ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස රාජකාරී කළ පුද්ගලයෙක්.

නඩුවේ විත්තිකරුවන් එම ඝාතනයට හවුල් වූ බවට රජයේ සාක්ෂිකරු අධිකරණයේදී සාක්ෂි ලබා දී තිබුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන චෝදනා 5ක් යටතේ චූදිතයින්ට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා ගොනු කර තිබූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. ඒ අතරින් නඩුවට පෙනී සිටියේ ප්‍රසාද් චන්දන කුමාර, ගාමිණී සෙනෙවිරත්න සහ ප්‍රදීප් චාමින්ද නමැති තිදෙනා පමණයි. ඔවුන් නාවික හමුදාවේ හිටපු බුද්ධි අංශ නිලධාරීන් වනවා.

සෙසු චූදිතයින් තිදෙනා වන පලගසාමි සුරේෂ්, සිවකාන්තන් විවේකානන්දන් සහ රොයිස්ටන් ටුසේන් නමැති විත්තිකරුවන් අධිකරණය මගහරිමින් සිටි අතර ඔවුන් නොමැතිව නඩු විභාගය සිදුකෙරුණා. එලෙස අධිකරණය මගහරිමින් සිටි විත්තිකරුවන් තිදෙනා එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් වෙන් වූ කරුණා පාර්ශ්වයේ සාමාජිකයින් බවයි පැවසෙන්නේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සහ ඔහුගේ රියදුරා ඝාතනය කෙරුණේ 2006 වසරේ නොවැම්බර් මස 9 වෙනිදා නාරාහේන්පිට ප්‍රදේශයේදීයි. මෙම නඩුව අධිකරණ නිවාඩු කාලසීමාව ද නොතකමින් අඛණ්ඩව විභාගයට ගැනුණා.

Related posts

පාස්කු ප්‍රහාරය සොයන ජනාධිපති කොමිසමේ පොලිස් නිළධාරීන් හිටපු ජනපතිගේ නිවසට

colombotoday

බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන තීරණයක්

Admin

ගංජා ගෙන්වීමේ ප්‍රබල ජාවාරම්කරුවෙකු වන ටාසන් නැමැත්තාට අයත් කේරළ ගංජා තොගයක් අල්ලයි

colombotoday

වංචා, දූෂණ නෑ කියූ යහපාලනය මේකද? අපටනම් තේරුම් ගන්න බෑ.. දැන් අපටද පිස්සු – බෙල්ලන්විල නාහිමි යහපාලනය පතුරු අරී

colombotoday

දුම් ඇල්ලීම නිසා ස්නායු ශෛලවලට හානි සිදු විය හැකි.. කිසිසේත් හුමාලය ආග්‍රානය නොකරන්න

colombotoday

“55 පිරුණු රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම යා හැකියි” – ජනක බණ්ඩාර

colombotoday