Colombo Today Local News

ඉන්දියන් ඔයිල්, බාල පෙට්‍රල් තොගයක් වෙළදපොලට මුදාහරී !

ඉන්දියානු තෙල් සමාගම (IOC) හරහා ඔක්ටේන් 92 වර්ගයේ ප‍්‍රමිතියෙන් තොර පෙට‍්‍රල් තොගයක් වෙළෙඳපොළට නිකුත් වී ඇතිදැයි වහාම සොයා බලන බවත්, එය තහවුරුවුවහොත් සමාගමට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේය.

ප්‍රමිතියෙන් තොර පෙට‍්‍රල් තොගයක් වෙළෙඳපොළට නිකුත් වී ඇති බවට සිදුවන ප්‍රකාශ පිළිබඳ මාධ්‍ය‘වේදීන් ඊයේ (20දා) අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී අමාත්‍යවරයා මේබව පැවසීය.

එවැනි ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන තොගයක් සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට තොරතුරු වාර්තා වී නොමැති බවත්, ඛණිජතෙල් නීතිගත සංස්ථාව මගින් පවත්වාගෙන යන සිපෙට්කෝ පිරවුම් තුළ කිසිදු බාල ඉන්ධන නොමැති බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ඉන්දියානු තෙල් සමාගම (IOC) පිළිබඳවද කරුණු සොයා බලන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

කොරෝනා මැද්දේ අසුනට රණ්ඩු කළ ලාංකික මගීයාව සෞදියේදී ගුවන් යානයෙන් බස්සවයි

colombotoday

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙලිවේ

Admin

රටම හිනැස්සූ සුනිල්ගේ මුවට සිනාවක් දෙන්න ඇමති ගයන්ත යයි

colombotoday

කුවේට් එයාර්වේස් සමාගම ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අත්හිටුවයි

colombotoday

වැලන්ටයින් දින සාද තහනම් | නිරෝධායන නීති යටතේ නඩු.

colombotoday

මෙවර යල කන්නයේදී බණ්ඩි පොහොර මිල අඩු වෙයි

Admin