Colombo Today Local News

ඡන්දයෙන් පැරදී ලිස්ට් එකෙන් ගොඩ ආ ශ්‍රීලනිප ඇමතිලාට එජාපයෙන් සිහි කැදවීමක් !

පසුගිය ජනාධිපතිවරණයේදී විශාල කැපකිරීමක්‌ කර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ලේකම්වරයාව මේ රටේ ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වේ එක්සත් ජාතික පක්ෂය බව ආණ්ඩුවේ සමහර ශ්‍රීලනිප ඇමතිවරුන්ට අමතකවී ඇතැයි අමාත්‍ය රංජිත් මද්දුමබණ්‌ඩාර මහතා පවසයි.

”අවාසනාවට සමහර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ඇමතිවරුන්ට අමතකයි මේක යූ ඇන් පී ආණ්‌ඩුවක්‌ කියල. මුල අමතක වෙච්ච මේ අය අද පාරම්බාන්නේ හරියට ජනාධිපතිවරයා මේ ගොල්ලෝ පත් කළා වගේ, මේ ආණ්‌ඩුව මෙයාල දිනවපු ආණ්‌ඩුව වගේ” යෑයි ඔහු සඳහන් කලේ පසුගියදා බිබිල, මැදගම ආර්. එම්. ගුණසේකර ක්‍රීඩාංගනය ප්‍රතිශංස්‌කරණය කිරීම වෙනුවෙන් පැවති උත්සවයේදීය.

”එහෙම දේශපාලන විප්ලවයක්‌ කරපු අපේ පක්‌ෂය ඒකාධිපති පාලනයෙන් තොර මහජන මිත්‍රශීලි ආණ්‌ඩුවක්‌ වෙනුවෙන් පෙළගැසුණා. ජනාධිපතිතුමයි, අගමැතිතුමයි ගත්ත නිවැරදි දේශපාලන තීන්දුව නිසා රට වෙනුවෙන් යහපාලන ආණ්‌ඩු සංකල්පය මේ රටට අපි හඳුන්වලා දුන්නා.

ඒ නිසාම පරාද වුණ සමහර අයටත් මේ ආණ්‌ඩුවේ ඇමති ධූර හිමි වුණා.

එදා දේශපාලන පිටියේ නයි මුගටි වුණ යූ ඇන් පී, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂවල දෙගොල්ලෝම අද යූ ඇන් පී කොටේ උඩ එකට වාඩි වෙලා ඉන්නවා. ” යයි ද ඇමතිවරයා එහිදී පැවසිය.

Related posts

ලක්ෂ තුනහමාරක් වටිනා සොරාගත් රන් මාලය ගිලලා..

colombotoday

අගමැති රනිල් රටටම ආදර්ශයක්.. කොමිසමට යන්නේ ස්වකැමැත්තෙන්මයි !

colombotoday

රණවිරුවන් 24ක් මරා පුළුස්සලා.. නිදහස් ඉල්ලන කොටි සිකරුවන් 3දෙනෙකුගේ කෙරුවාව හෙළිවෙයි

colombotoday

මෙරට වෛද්‍යවරුත් ISIS ත්‍රස්ත සංවිධානයේ.. නවතම වීඩියෝවක් අනාවරණය කරයි

colombotoday

රාජකාරි වේලාවේදී මත්පැන් පාටි දැමූ වයඹ පළාත් පරිවාස කොමසාරිස් ඇතුළු පිරිසට ස්ථාන මාරු

colombotoday

බැන් කී මූන් එයි.. ආ පයින්ම උතුරට !

colombotoday