Colombo Today Local News

සපුගස්කන්දේ වැඩ ඇරඹීම කල්යයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරිම තවදුරටත් ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යංශ ලේකම් කේ. ඩී. ආර් වොල්ගා මහත්මිය සදහන් කරන්නේ, ජනවාරි මස 30 වනදින වන විට එහි මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට හැකි වනු ඇති බවය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු හෙට (27) දිනයේ සිට යළි ආරම්භ කිරීමට කලින් තීරණය කර තිබුණි.

කෙසේවෙතත් බොරතෙල් සහිත නෞකාව දිවයිනට ළඟා වීම ප්‍රමාද වීම හේතුවෙන් අදාළ ප්‍රමාදය සිදුව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට දිගුකාලීනව බොරතෙල් සැපයීම වෙනුවෙන් ගිවිසුම් ගතව සිටින සිංගප්පුරු සමාගමට අයත් නෞකාව පසුගිය 24 වනදා මෙරටට ළඟාවීමට නියමිතව තිබුණි.

අදාළ නෞකාව අද (26) දිනයේ කොළඹ වරායට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

බොරතෙල් මිලදී ගැනීමට අදාළ ණයවර ලිපි විවෘත කිරීම, විනිමය ගෙවීම් ඇතුළු සියලු අවශ්‍යතාවන් මේ වන විට සාර්ථකව සම්පුර්ණ කර ඇති බව ද එම අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතියේ දිවයිනට..

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව වාර අවසාන කෙරේ

colombotoday

පුත්තලම මුස්ලිම් පාසලේ ගුරුවරයාට පහරදුන් සිසුන් ට ඇප

Admin

ජනපති ස්කොට්ලන්තයට යයි

colombotoday

විනාඩි 4 න් රුපියල් මිලියන 100 ක මගඩිය සිදුවුනේ මෙහෙමයි

colombotoday

සීනි බද්දේ වාසිය විල්මා සමාගමේ සජාඩ් මවුසාන්ට. | භාණ්ඩාගාරයට එන්න තිබ්බ කොටි 1000ක් අහිමි වෙලා.

colombotoday