Covid 19

බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 3600 පනී..

බන්ධනාගාර කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින්ගෙන් 3000කට ආසන්න පිරිසක් මේ වනවිට සුවය ලබාඇති බව බන්ධනාගර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සමස්ත ආසාදිතයින්ගෙන් 2962ක් මේ වනවිට සුවය ලබා ඇති අතර රැඳවියන් 2850 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් 112 දෙනෙකු ඒ අතරට අයත්ය.

බන්ධනාගාර ආශ්‍රයෙන් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 3615කි.

ඒ අතර බන්ධනාගාර නිලධාරීන් 121 දෙනෙකු අයත් ය.

වෛරසය ව්‍යාප්ත වූ බන්ධනාගාර අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මැගසින් බන්ධනාගාරයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 827ක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.

Related posts

ඉන්දියාවේ මන්ත්‍රීවරුන් 25කටත් කොරෝනා

colombotoday

අජිත් රෝහණ​ට කොවිඩ්

colombotoday

එන්නත්වලින් 75% ක් රටවල් 10 ක. | දුප්පත් රටවල ජනතාව ආරක්‍ෂා කිරීමේ නව සැලසුම් සකස් කළ යුතුයි. | ලෝක සෞඛ්‍ය සංවිධානය

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 2,773ක්

colombotoday

මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

තවත් කොවිඩ් මරණ 14ක්

colombotoday