Colombo Today Local News

ගාල්ලේ මළ සිරුරෙන් 5වන දින ගත් සාම්පලයත් ධනාත්මකයි. ශීතාගාරයක තැබීම වෛරසය ගබඩාකකිරීමක්. අධිකරණ වෛද්‍යවරු කියති.

කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ හා ගැසට් නිවේදනයේ උපදෙස් නොතකා මළ සිරුරු ශීතාගාරවල තබාගැනීම කොරෝනා වෛරසය ගබඩාකර තබාගැනීම හා සමාන බව ගාල්ලේ ආන්දෝලනයට තුඩුදුන් මළ සිරුර ඇසුරින් කරන ලද පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ගාල්ලේ අධිකරණ වෛද්‍යවරු කියති.

මේ පිළිබඳව අදහස් දක්වමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය රොහාන් රුවන්පුර, රුහුණ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා සහ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර යන මහත්වරුන් පවසන්නේ එම සිරුරෙන් කරන ලද පීසීආර් පරීක්ෂණ අනුව මළ සිරුරක වෛරසය සක්‍රීය මට්ටමේ පවතින ආකාරය පිළිබඳ පැහැදිලි අදහසක් මතුවන බවයි.

ඔවුන් පවසන්නේ, ගාල්ල දෙද්දුගොඩ දී මියගිය පුද්ගලයාගේ මළ සිරුර රජයේ වියදමින් ආදාහනය කිරීමට ගෙන යාමට පෙර කිහිපවරකදී ගන්නාලද සාම්පලවලින් කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් එම මළ සිරුරේ කොරෝනා වෛරසය සක්‍රීය මට්ටමේ පැවැති බව තහවුරු වූ බවයි.

එම පුද්ගලයා මියගොස් දිනකට පසු ප්‍රථම සාම්පලය ද, දින 03කට පසු දෙවන සාම්පලය ද ලබාගෙන තිබූ අතර, තෙවන සාම්පලය ගෙන තිබුණේ මියගොස් දින 05ක් ගතවූ පසුවය. මෙම සාම්පල තුනම ධනාත්මක ප්‍රථිපල පෙන්වූ බව වෛද්‍යවරු කියති. මළ සිරුරක කොරෝනා වෛරසය පවතින කාලය පිළිබඳ නිශ්චිතව දැනගැනීම සඳහා පර්යේෂණයක් මෙතෙක් සිදුකර නොමැති නමුත් වෛද්‍යවරුන්ගේ පිළිගැනීම වූයේ මළ සිරුරක කොරෝනා වෛරසය පවතින්නේ දින 04ක පමණ කාලයක් බවයි. එසේ වුවද මෙම මළ සිරුරෙන් 05වන දිනයේ ලබාගත් සාම්පලය ද ධනාත්මක වී තිබිණි.

ඒ අනුව වෛද්‍යවරුන් පවසන්නේ මළ සිරුරුක් ශීතාගාරයක තැබීමෙන් එහි කොරෝනා වෛරසය වැඩි දින ගණනක් සක්‍රීයව පවතින බව තහවුරු වූ බවයි. ඇතැම් කණ්ඩායම් විසින් කොරෝනා මෘත දේහ ශීතාගාරවල තැබීම සඳහා ඉල්ලීම් කළ ද එය ප්‍රායෝගික නොවන බව මේ අනුව පැහැදිලි වන බවත්, වෛද්‍යවරු කියති.

84 හැවිරිදි වියේ පසු වූ එම පුද්ගලයා පසුගිය 19 වැනි දින උදෑසන නිවසේ දී මියගොස් තිබිණි. කොරෝනා ආසාදනය වී රෝහල්ගතව පැමිණ සිටි අයකු බැවින් ඔහුගේ මරණය කොරෝනා ආසාදිතයකු ලෙස සළකා ආදාහනය කිරීමට ඥාතීන් එරෙහි වූ බැවින් 20 වැනි දින මළ සිරුරෙන් පළමු පීසීආර් පරීක්ෂණය සිදුකළ අතර ඉන් තහවරු වූයේ ඔහුගේ සිරුරේ ඒ වනවිටත් කොරෝනා වෛරසය ඇති බවයි.

නමුත් එම ප්‍රතිඵලය පිළිගැනීමට ඥාතීන් සූදානම් නොවූ අතර ඔවුන් මියගිය පුද්ගලයා මුස්ලිම් ජාතිකයකු බැවින් දේහය ආදාහනය කිරීමට එරෙහිව අධිකරණයට ද ගියේය. මේ අතර 22 වැනි දා මළ සිරුරෙන් දෙවැනි පීසීආර් පරීක්ෂණයක් පැවැත්වූ අතර එයින් ද සනාථ වූයේ තවදුරත් එම සිරුරේ කොරෝනා වෛරසය සක්‍රීය මට්ටමේ තිබෙන බවයි. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් දුන් නියෝගය අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි දේහය දඩල්ල ආදාහනාගාරයේ දී 24 වැනි දින එනම් මියගොස් දින 05කට පසුව ආදාහනය කෙරිණි. සිරුර ආදාහනය කිරීමට සුළු මොහොතකට පෙර ලබාගත් තෙවැනි සාම්පලයේ ප්‍රථිපල අද (26) දින ලැබි තිබිණි.

காலி உடலில் இருந்து 5 வது நாளில் எடுக்கப்பட்ட மாதிரியும் நேர்மறையானது. குளிர்பதனமானது வைரஸின் சேமிப்பாகும். தடயவியல் மருத்துவர்கள் கூறுகிறார்கள்.

http://tamil.colombotoday.com/?p=22524

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නැව ඇදගෙන යාම නවතා දමයි.

colombotoday

තුනෙන් දෙකක් ඡන්දේ දුන්නේ එක රටක් එක නීතියක් ගේන්න. – දොලවත්ත පාර්ලිමේන්තුවේදී කියයි.

colombotoday

ජනපති රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

Admin

යුද හමුදාවේ තවත් නිලධාරීන් තුනක් ජිනීවා යුද අපරාධ චෝදනා ලයිස්තුවට…

colombotoday

මඩ බළකාය හාන්සියි… ඇමරිකා පුරවැසි අහෝසියේ සියළු ලේඛණ ගෝඨා රට හමුවේ පෙන්වයි (Video)

colombotoday

ජාතික ආයුර්වේද සම්බාහන විෂය නිර්දේශය හඳුන්වා දෙයි

Admin