World

කොලොම්බියාවේ ජනපති ගිය හෙලිකොප්ටර්යට වෙඩි

කොලොම්බියා ජනාධිපති අයිවන් ඩියුක් මාකේස් ගමන් ගත් හෙලිකොප්ටර් යානයට වෙනිසියුලානු දේශසීමාව ආසන්නයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

කොලොම්බියා ජනාධිපතිවරයාට අමතරව ආරක්ෂක අමාත්‍යවරයා, අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ එරට ඉහළ පෙළේ ප්‍රධානීන් කිහිපදෙනෙකු ද එම හෙලිකොප්ටර් යානයේ ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර හෙලිකොප්ටර් යානයට හානි සිදුව ඇති බව සඳහන්ය.

මෙම සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් කොලොම්බියා ජනාධිපති අයිවන් ඩියුක් මාකේස් පවසන්නේ අදාළ ප්‍රහාරය හෙළාදකින අතර ත්‍රස්තවාදී හෝ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලීන් සම්බන්ධයෙන් තමන් කිසිවිටෙකත් බියට පත් නොවන බවය.

මෙම ප්‍රහාරය එල්ල කළ පාර්ශ්වය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

එමෙන්ම වෙනිසියුලාව විසින් ද කොලොම්බියානු ජනාධිපතිවරයාට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Related posts

ලෝක කුසලානය අහිමි වීම දරාගන්න බැරිව ඉන්දීය තරුණයෙක් මැරිලා

Admin

ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කරන බවට හමාස් සංවිධානයෙන් තර්ජන

Admin

රුසියාව බ්‍රිතාන්‍යයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්

colombotoday

ඉන්දියාවේ ආදාහනය කර ගත නොහැකි භූමදානයට ඉඩ නැති මළ සිරුරු ගංගා නදියේ පාවෙයි

colombotoday

යුක්‍රේනයේ ගුවන් හමුදා කඳවුරු 2කට රුසියාවෙන් ගුවන් ප්‍රහාර

Admin

ඉන්දුනීසියාවේ මලුකු දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

Admin