අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ධුරයෙන් විජේදාස රාජපක්ෂ මහතා ඉවත් කිරීමට ආණ්ඩුවේ ප්රබලයෙකු තීරණය කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වනවා.
එම තීරණය මේ වන විටත් ජනාධිපතිවරයාටද දන්වා යවා ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.
විජේදාස රාජපක්ෂ මහතා ඇමති ධුරයෙන් ඉවත් කරන්නැයි එජාපයේ ඇමතිවරු කිහිප දෙනෙකු විසින් පසුගිය සමයේ දිගින් දිගටම බලපෑම් කර ඇති අතර යහපාලනය ආණ්ඩුව ගෙනඒම සදහා ක්‍රියාකල ඊනිව්ස් වෙබ් අඩවි හිමිකරු සම්බන්ධයෙන් ඇමතිවරයා කළ ප්‍රකාශය සහ ඔහු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමත් සමග එම බලපෑම වඩාත් තිව්‍රෘ වී ඇති බවයි පැවසෙන්නේ.
එමෙන්ම විජේදාස රාජපක්ෂ ඇමතිවරයා විසින් මෙරට ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදය පිළිබදව පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය එජාපයේ මුස්ලිම් ඡන්ද පදනමට හානිදායක බවද එම මන්ත්‍රීවරුන් දන්වා ඇත.