Colombo Today Local News

ජනපතිගෙන් මාධ්‍යට දොස්මුරයක් (Video)

mithre23232

මේ රටේ තියෙන්නේ ලෝකේ කොහෙවත් රටක නැති දේශීය මාධ්‍ය චින්තනයක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. උදේට පුවත්පතක් බලන කෙනකුට රට ගැන ආදරයක් හැඟීමක් ඇතිවන කිසිවක් දකින්නට නැතැයි ද ජනාධිපති කීවේය. ඔහු මේ බව කියා සිටියේ ඊයේ දිනයේ විද්‍යාත්මක ප්‍රකාශන සඳහා වූ ජනාධිපති සම්මාන ප්‍රදානය සඳහා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති උත්සවයක් අමතමිනි.

‘මාධ්‍යයට ඕනෑ කුණු රස, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, කුණු කානු, දේශපාලන ගැටුම්. එහෙම නැතිව රටක් හදන්න නොවෙයි. මාධ්‍යයට ඕනෑ ආණ්ඩු පෙරලන්න, තියෙන ආණ්ඩු අප්‍රසාදයට පත් කරන්න, මාධ්‍යයට ඕනෑ දේශපාලනඥයන් බලයෙන් පහ කරන්න, ආණ්ඩු හදන්න.‘

‘මාධ්‍යයට තියෙන්නේ එසේ මෙසේ වගකීමක් නොවෙයි. රටක් දියුණු කරන්න රටක් ගොඩනගන්න ජාතියක් විදියට ඉදිරියට යන්න ඕනෑ. ඒකට ඕනෑ කරන ප්‍රමිතිය මම පසුගිය කාලේ කතා කරලා තියෙනවා. ‘

‘උදේට කියවන පත්තරේ, නැතිනම් බලන පත්තරේ මේ මගේ රට මම මේක දියුණු කරන්න ඕනෑ කියා හැඟීමක් එනවද? රාජ්‍ය නිලධාරීන්ට මම හොඳට වැඩ කර මගේ රට දියුණු කරන්න ඕනෑ කියා හැඟීමක් එනවාද? ජනතාවට එවැනි පහන් හැඟීමක් එනවද? නැහැ. අද මුල් පිටුව තමයි රට නැති කරන පිටුව වෙලා තියෙන්නේ.‘

Related posts

වසර 3ක් සිරගෙට නියම වූ සරණ ඇප මත නිදහස් වෙයි !

colombotoday

පණත සම්මත කරාට කොටින්ට වන්දි ගෙවන්න බෑ…

colombotoday

ඒකාධිපති කියන ව්‍යවස්ථාව ප්‍රේමදාස, චන්ද්‍රකා, සිරිසේනට හොඳ වුණා නම් ජනාධිපති ගෝඨාභයට හොද නැත්තේ ඇයි?

colombotoday

ඉන්දන මිල යලි ඉහලට – බස් ගාස්තු ඉහල දැමීමටත් අනුමැතිය

colombotoday

“වෘෂණ කෝෂ මෙට්ටේ උඩ තිව්වම සනීප වෙනවද“ හිරුණිකා පාර්ලිමේන්තුව දෙවනත් කරයි

colombotoday

ශ්‍රී ලංකාවේ 76වැනි අයවැය අද පාර්ලිමේන්තුවට

colombotoday