Colombo Today Local News

ආණ්ඩුවේ මන්ත්‍රීන් 58කට අලුත් වාහන.. වාර්ෂික කුලිය කෝටි 258 යි

23265ඇමැති ධුර නොදරන ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන් පනස්‌ අට දෙනකු (58) සඳහා එකක්‌ රුපියල් ලක්‍ෂ හතක මාසික කුලී පදනම මත වාහන පනස්‌ අටක්‌ මිලදී ගැනීමට සූදානම් වන බව හෙළිවී ඇතැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම වාහන පනස්‌ අට මිලදී ගන්නේ මාස හැටක කාලයක්‌ සඳහා බවද ඒ සඳහා වැයවන සම්පූර්ණ කුලී මුදල කෝටි දෙසිය හතළිස්‌ තුනක්‌ බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරුන් පනස්‌ අට දෙනාට මෙම වාහන ලබා දෙන්නේ තීරු බදු රහිත වාහන ආනයන කිරීමේ හිsමිකමට අමතරව බව ද කී දිසානායක මහතා මෙසේ කුලී පදනම මත ලබාදෙන එක්‌ වාහනයක වෙළෙඳපොළ වටිනාකම රුපියල් හාරකෝටි විසිලක්‍ෂයක්‌ පමණ වන බව ද කීවේය.

මෙතරම් මුදලක්‌ ගෙවූවද නියමිත වසර පහ අවසානයේදී මෙම වාහන පනස්‌ අටේ අයිතිය රජයට නොලැබෙන බව කී දිසානායක මහතා මෙම සමස්‌ත ක්‍රියාවලිය පිටුපස බරපතළ අක්‍රමිකතාවක්‌ හා මූල්‍ය වංචාවක්‌ සිදුවන බවට සාධාරණ සැකයක්‌ මතුවන බවද ප්‍රකාශ කළේය.

මෙම වාහන ලබාදෙන මන්ත්‍රීවරුන්ට දැනටමත් ප්‍රවාහන දීමනාවක්‌ යෑයි කියමින් රුපියල් ලක්‍ෂ දෙක බැගින් අමතර මාසික දීමනාවක්‌ ගෙවමින් සිටින බවද කී දිසානායක මහතා ඔවුන් දැනටමත් තීරු බදු රහිත වාහන වරප්‍රසාදය භුක්‌ති විඳින බවද ප්‍රකාශ කළේය.

15037358_1820816598131091_3919295960994692653_n

Related posts

බෞද්ධ විහාරස්ථාන ඉවත් කරන්න ඉල්ලා TNA මඩකලපුව ගිනි තබන්න යයි !

colombotoday

නවගමුවේ කප්පම් කල්ලියක් කොටු

colombotoday

මගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ ආධාරකරුවන්ට ණය දෙන්නැයි මා කිසි විටෙක බැංකු වලට කියා නෑ

colombotoday

සගවාගෙන සිටි ගෑස් සිලින්ඩර් තොගයක් වටලයි

colombotoday

බොදු බල සේනා මාතලේ දිස්ත්‍රික් සමුළුව හෙට නාඋලදී – පක්ෂ විපක්ෂ දේශපාලකයෝ කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක

colombotoday

දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද, රාජ්‍ය ගෞරව සහිතව

colombotoday