Colombo Today Local News

ඇමති මහින්දානන්ද අලුත්ගමගේ වෘත්තීය සමිති මුදල් නඩුවෙන් නිදොස් කොට නිදහස්

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තීය සමිතියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ චෝදනාවලින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.

වසර 04 කට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුනි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ පැමිණිල්ල විසින් විත්තිකරුව වෙත එල්ලකර තිබූ චෝදනා සාධාරණ සැකයකින් ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවය.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200වන වගන්තිය යටතේ විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවද විනිසුරුවරයා සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තීය සමිතියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම තුළින් ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනාකොට නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ දී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

Related posts

ඇත්ත හෙළිකරනවානම් අපි ෆොන්සේකා මහතා සමගයි – ද්‍රවිඩ සන්ධානය

colombotoday

“හම්බන්තොට වරායේ උද්ඝෝෂනයට මැරයන් ආවේ රුපියල් 500 බත් පැකට් එකටයි“ – සජිත්

colombotoday

ඉතිහාසයේ ප්‍රථම වතාවට මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයට නලීමිවරයෙක්

colombotoday

නීති විරෝධීව රට පනින්න හැදූ 67ක් මාට්ටු

colombotoday

ගෝඨාභය ජනාධිපතිතුමා ගෙන්න වැඩකරපු මැඩිල්ලේ හිමිට විරුද්ධව පැමිණිලි දැම්මේ නෑ. | අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියයි.

colombotoday

කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි

Admin