Colombo Today Local News

සැමන් කනවානම් ප්‍රවේශමෙන්.. අලුත්ම ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

ටින් මාලු මිලදී ගැනිමේදී එහි ලේබලය සහ ටින් එකෙහි නිමාව පිළිබඳ සැලකිලිමත් වන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙයට හේතුව තැලුණු සැමන් ටින්වලට නව ලේබල් අලවා අලෙවිකරන ජාවාරමක් හෙළි කරගැනීමට එම අධිකාරියේ නිලධාරීන් සමත් වී තිබෙන බවද පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කරයි.

මෙවැනි ආකාරයට සැමන් ටින් අලෙවි කරන්නන් පිළිබඳ හෝ සකස් කරන්නන් පිළිබඳ තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳ පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටින අතර මීට අමතරව මේ ආකාරයට සැමන් ටින් විකිණීමට පැමිණෙන වෙළෙඳ නියෝජිතයන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසද එම අධිකාරිය පාරිකයන්ගෙන් ඉල්ලා සිටියි.

Related posts

බසයක් සහ බවුසරයක් ගැටෙයි

Admin

නිදහස් කුසලානය ජනපති අතින් ඉන්දියාවට !

colombotoday

නීතිය පාසල් පෙළ පොතට….

colombotoday

වියට්නාම් බෞද්ධ හිමිවරු ඇතුළු දූත පිරිසක් ලංකාවට

Admin

“ඔන්න බබෝ අපි ආවෝ.. අත ලකුණෙන් අපි ආවෝ” – ශ්‍රීලනිප සමුළුවේ විස්මිත ගුවන් වීඩියෝව

colombotoday

පොහොට්ටුව රටේ බලය අල්ලන බව බැසිල් කියයි

colombotoday