Colombo Today Local News

විදුලිබල, ඛනිජතෙල් ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමය පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා විසිනි.

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, තීරුබදු ආඥා පනතේ කාර්යය සඳහා අර්ථකතනය කරනු ලැබූ පරිදි යම් වරායක් ඇතුළත වූ යාත්‍රාවලින් ආහාර හෝ පාන ද්‍රව්‍ය, තෙල් හෝ ඉන්ධන ගෙනයාම, ගොඩබෑම, ගබඩා කිරීම, භාරදීම හා ඉවත් කිරීම සම්බන්ධ සේවා ගැසට් නිවේදනය මගින් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

ඊට අමතරව ගුවන්තොටුපොළ, වරාය ඇතුළුව ගුවන් මගීන් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම හා පවත්වාගෙන යාම සම්බන්ධ සේවා ද අත්‍යවශ්‍ය සේවාවන් ලෙස අදාළ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර ඇත.

Related posts

ලලිත් වීරතුංගට, අනූෂ පැල්පිට ඇපමත මුදාහරී !

colombotoday

ආගමික ගැටුම් අවුලන්න ඇමරිකාවේ සිට එවූ ලිපි තොගයක් මධ්‍යම තැපෑලේදී අත්අඩංගුවට…

colombotoday

‍රංජන්ට ජනාධිපති සමාවක්?

Admin

එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන් කී මූන් දිවයිනට

Admin

ආසාදිතයන් සංඛ්‍යාව 210 දක්වා ඉහළට

colombotoday

වරාය මෙහෙයුම් කටයුතු වලට ඩිජිටල් සන්නිවේදන පද්ධතියක්

Admin