Colombo Today Local News

හංවැල්ලේදී පුද්ගලයෙකුට පහර දී මරා දාලා

හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ සිදු වූ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙක් රෝහල් ගතව ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි ඩි ඩබ්ලිව් කුශාන්ත නැමැති වයස අවුරුදු 42ක පුද්ගලයෙකි.

එම ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයකදී එම පුද්ගලයන් දෙදෙනා අතර බහින් බස් වීමක් සිදු වී ඇති අතර සාදය අවසන්ව එම ස්ථානයේ යන අවස්ථාවේ ඇතිවූ පහරදීමක් හේතුවෙන් එක් අයෙකු පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සැකකරුද තුවාල ලබා ජයවර්ධනපුර රෝහලේ පොලිස් ආරක්ෂා මධ්‍යයේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසයි.

Related posts

විග්නේශ්වරන් ඇතුළු ද්‍රවිඩ මන්ත්‍රීවරු එකතු වී ඥානසාර හිමිට එරෙහිව විරෝධතා. Photos

colombotoday

දිවයිනේ සියලු පාසල් හෙට වසා තැබෙයි

colombotoday

යුද හමුදා අවි ගබඩාව වේයන්ගොඩින් ඉවතට.. අවි තොග විදේශ රටවලට විකිණේ !

colombotoday

හොරකම් කරාද? අහන්න බදියුදීන්, හකීම් දෙපළ FCID කැදවයි

colombotoday

දෝෂාභියෝගයක් ගෙනැත් ජනපති වහාම ධුරයෙන් පහකළ යුතුයි – ජවිපෙ කියයි

colombotoday

341 කින් 239ක් පොහොට්ටුවට.. ශ්‍රීලනිපයට තුනත් නැතිවෙයි.. අවසන් ප්‍රතිඵලය මෙන්න

colombotoday