World

මගියෙකුගෙන් ගුවන් නියමුවෙක් ගුටි කයි

ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන්යානයක් තුළ දී එහි ගුවන් නියමුවාට මගියෙකු පහරදෙන වීඩියෝවක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙය සිදුව ඇත්තේ දිල්ලියේ සිට ගෝවා බලා පිටත්ව ගිය (6E-2175) IndiGo ගුවන් යානයේ දීය.

ගුවන් නියමුවා ගුවන් ප්‍රමාදය පිළිබඳව නිවේදනය කිරීමෙන් කෝප වූ මගියා මෙලෙස පහරදුන් බව වාර්තා වේ.

ඊයේ (14) පැවති මීදුම් තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන ආරම්භ කිරීමට පැය කිහිපයක් ප්‍රමාද වී ඇත.

මේ වන විට ගුවන් නියමුවා විසින් පහරදීම සිදුකළමගියාට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර ඇති අතර ගුවන් සමාගම මේ වන විට අදාළ නීතිමය කටයුතු සිදුකරන බව වාර්තා වේ.

Related posts

මක්කම මහ පල්ලිය නූලෙන් බේරෙයි.. පල්ලිය අසලදීම ත්‍රස්තවාදීයෙක් පුපුරවාගනී

colombotoday

හමාස් සංවිධානයෙන් නිදහස ලැබූ ප්‍රාණඇපකරු මාධ්‍ය හමුවට එක්වෙයි

Admin

පුටින් ගෙන් කිම් ජොන් අන් ට ත්‍යාගයක්

Admin

කොවිඩ් එන්නත ගන්න අයට ඩොලර් 100 ක්

colombotoday

හමුදා දුක්ගැනවිලි අන්තර්ජාලයේ කීවොත් දඬුවම් !

colombotoday

කාබුල්හි නව තලේබාන් ආරක්‍ෂක ප්‍රධානියා අල්ලා දුන්නොත් ඇමරිකාවෙන් ඩොලර් මිලියන 5 ක්.

colombotoday