Colombo Today Local News

අභියෝගය ජය ගන්නට නව වසරේ දී අධිෂ්ඨාන කරගත යුතුයි – ජනපතිගෙන් නව වසරට සුබ පැතුම්

රට වෙනුවෙන් වගකීම් ඉටුකොට අප මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගන්නට 2024 නව වසරේ දී අධිෂ්ඨාන කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පසුගිය වසර පුරා ජනතාව කළ කැපකිරීම් සහ විදි දුෂ්කරතා හේතුවෙන් රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමේ මුලික පදනම සාර්ථක කරගැනීමට හැකි වු බව නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

2024 නව වසරට අප පියනගන්නේ ශ්‍රී ලංකාව යළි නඟාසිටුවීමේ අභියෝගය හා අපේක්ෂාව පෙරදැරිව බව සඳහන් කරන ජනාධිපතිවරයා, අනාගතය දෙස පමණක් නොව අතීතයද විමසා බලා එකිනෙකාගේ වගකීම් හඳුනාගෙන ඉදිරියට යා යුතු බව ද සිය සුබ පැතුම් පණිවුඩයෙන් සඳහන් කර තිබේ.

ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා දුෂ්කර ගමනක් යා යුතු වන අතර එය මල් ඇතිරූ සුමුදු මඟක් නොවන බව ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

සිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි

colombotoday

චීන ජාතික තරුණයෙකු දියේ ගිලී මියයි

colombotoday

අටලුගම දී පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්

colombotoday

ජපානයේ භූකම්පනයක් – පසුකම්පනය ගැන ජනතාවට අනතුරු අඟවයි

Admin

ඇමෙරිකා තානාපතිනිය සහ නව විදේශ ඇමති අතර හමුවක්

colombotoday

මෝටාර් උණ්ඩයක කොටසක් පිපිරී සිසුවෙක් රෝහලේ

colombotoday