Colombo Today Local News

ඩුබායි සිට රැගෙන ආ මෘත ශරීරය කෙසෙල්වත්තේ දිනුකගේ බව හඳුනාගැනේ

පසුගිය මාර්තු 18 දා ඩුබායි සිට රැගෙන ආ මෘත ශරීරය අපරාධ කරුවකු ලෙස චෝදනා ලබා සිටින “කෙසෙල්වත්තේ දිනුක”ගේ බව හඳුනා ගෙන තිබේ.

අදාළ මෘත ශරීරය සම්බන්ධයෙන් කටුනායක පොලිසියට ලද තොරතුර මත පරීක්ෂණ පවත්වා තිබෙන අතර එහිදී පොලිසිය විසින් ලබාගත් අධිකරණ නියෝගය මත මීගමුව මෘත ශරීරාගාරයේ දී වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලැබීය.

මේ අනුව ඔහුගේ අනන්‍යතාවය තහවුරු වුයේ, ඔහුගේ මවගේ ඩීඑන්ඒ ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදී බවත් මොහු “කෙසෙල්වත්තේ දිනුක“ හෙවත් රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුශාන් බවත් තහවුරු වී තිබේ.

ඒ අනුව මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (24) දින සිදුකළ බවත්, අධිකරණ නියෝග මත මෘත ශරීරය “කෙසෙල්වත්තේ දිනුක“ගේ බිරිඳට භාර දීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

පී.සී.ආර් 14කින් 12ක් පොසිටිව්

colombotoday

මීතොටමුල්ල පංසකූලයට වැඩමකළ ඥානසාර හිමි, ඇස් කන් ඇරෙන්න සිදුකල අනුශාසනාව: Videos

colombotoday

බැසිල් රාජපක්ෂ ගේ නම මැතිවරණ කොමිසමට නම් කර යවයි.

colombotoday

“රණවිරු දඩයම“ ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

හොර පාරෙන් ගෙනා සීනි කිලෝ ලක්ෂ 12ක් රාජසන්තක‍යි

Admin

රජයේ දේශපාලකයෙක් සුරේන්ගේ ගෙදර පාටියක. ලන්ඩන් ශ්‍රී ලාංකිකයෝ තැති ගනී.

colombotoday