World

කාලගුණය තමන්ට කැමති විදියට වෙනස් කරන චීනයට අසල්වැසි රටවලින් චෝදනා

කාලගුණය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර ගන්නට චීන පරිපාලනය පටන් ගෙන තිබෙන්නේ මිට වසර ගණනාවකට පෙර සිටයි.නමුත් මෙහි නව පියවරක් වශයෙන් කාලගුණය වෙනස් කිරීමේ වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් එය රට පුරා ක්‍රියාත්මකකරන බව චීන ආණ්ඩුව නිවේදනය කර තිබේ.

2025 වන විට චීන භුමියේ වර්ග කිලෝ මීටර මිලියන 5.5ක වපසරියක් ආවරණය වන පරිදි කෘත්‍රිම වර්ෂාව සහ කෘත්‍රිම හිම පතනය ඇති කිරීම සඳහා මෙම වැඩසටහන පුළුල් කිරීම චීන පරිපාලනයේ ඉලක්කයයි. මෙම භූමි භාගය සමස්ත චීන භූමියෙන් 60%කට ආසන්න බවයි වාර්තා වන්නේ.

නමුත් මෙම වැඩසටහන අසල්වැසි රාජ්‍යයන්ගේ බරපතළ සැලකිල්ලට භාජනය වී තිබෙන අතර ස්වභාවධර්මයට අත පොවන මෙම තාක්ෂණය නිසා අසල්වාසී රටවලට ඉන් ඇතිවන බලපෑම කෙසේ විය හැකිදැයි ඔවුහු ප්‍රශ්න කරනවා. මෙම රටවල් අතර ඉන්දියාවද පසුවන බවයි වාර්තා වන්නේ.

Related posts

නෞකාවක මෝටර් රථ අංගනය ගිනි ගනි… 11ක් අතුරුදහන්

colombotoday

රුසියානු නාවික කඳවුරකට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

Admin

ඊශ්‍රායල හමුදාව ගාසා හී අල් ශිෆා රෝහලට ඇතුළු වෙයි

Admin

ලොව ප්‍රබලතම තාක්ෂණ සමාගම් සියල්ලම ඉන්දියානුවන්ගේ අණසකට

colombotoday

ඉන්දියාව මගී ප්‍රවාහන ගුවන් සේවා නවත්වයි

colombotoday

ප්‍රබල භූ කම්පනයකින් නිවාස රැසකට හානි

Admin