Colombo Today Local News

ඔෂධීය කංසා වගාවට ගැසට්ටුව එයි

ඔෂධීය කංසා වගා කිරීමට අවශ්‍ය අනුමැතිය ආයුර්වේද නීති සංග්‍රහයේ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

කංසා පමණක් නොව ඊට වඩා ඖෂධ ගණනාවක් ආනයනය කරන අතර මේවා වාණිජ වගා ලෙස ප්‍රවර්ධනය කළ යුතු බවද නැතිනම් පාරම්පරික වෙදකම නැතිව යන බවද සිසිර ජයකොඩි මහතා කීය.

ආයුර්වේද සම්භාහකයන් සහ සම්භාහකාවන් සඳහා “එන්.වී.කිව් ලෙවල් 4” මට්ටමේ පුහුණුවක් දී ආයුර්වේදයේ ලියාපදිංචිය දෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කළේය.

බොරැල්ලේ ආයුර්වේද මහ රෝහලේ නම ආයුර්වේද ජාතික රෝහල ලෙස සංශෝධන කරන බවද දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ආයුර්වේද දෙපාර්තමේන්තුව දැනට වඩා කාර්යක්ෂම කිරීම පනතේ අරමුණ බව කී ජයකොඩි මහතා ආයුර්වේද කොමසාරිස් තනතුර ආයුර්වේද කොමසාරිස් ජනරාල් තනතුර දක්වා මේ පනත මගින් උසස් වෙන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

රතන හිමි බැලීමට ඥානසාර හිමි දළදා මාලිගයට. හෙට දහවල් 12 වෙනතුරු ආණ්ඩුවට කල් දෙයි

colombotoday

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයැදුම්පත්‍ර කැඳවීම ඇරඹේ

colombotoday

“ඥාණසාර හිමියන්ට චීවරය දැරීමේ අයිතියත් නැති කරලා” – ජානිපෙන් ජනපතිට ඉල්ලීමක්

colombotoday

අරාබි කොලණියේ පදිංචිකරුවන්ට වගාබිම් හදන්න විල්පත්තුවේ තවත් අක්කර 3000ක් වනසයි !

colombotoday

වගකීම් දැරීමට නොහැකි අය රටේ නායකත්වයෙන් අයින් කරන්න ඕනෑ. – අගරදගුරු තුමාගෙන් ප්‍රකාශයක්

colombotoday

වාහන හිඟා කෑමේ අදහසක් තිබුණේ නෑ – ෆීල්ඩ් මාර්ෂල්

colombotoday