Colombo Today Local News

කොවිඩ් මරණ සාමාන්‍ය මිනී පෙට්ටියක් රු.18,000යි. මල්ශාලාව නිෂ්පාධකයාගෙන් ගන්නේ දෙදාහට. – රජයට මැදිහත්විය නොහැකි බව ඇමති කියයි

කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මෙරට කොවිඩ් මරණ සඛ්‍යාව ඉහළයාමත් සමග අවමංගල කටයුතු සිදු කෙරන මල්ශාලා හිමියන් එක් සාමාන්‍ය මිනි පෙට්ටියක් සඳහා රුපියල් දස දහසේ සිට රුපියල් දහ අටදහසක් (10,000 – 18,000) දක්වා මුදලක් අය කරනු ලබයි.

කොවිඩ් මෘත දේහයක් රෝහලේ සිට ආදාහනාගාරය දක්වා රැගෙන යාම සඳහා මෙම මුදල අයකරන බවයි එම දේහයන් රැගෙන යාමට පැමිණි ඥාතීහු ප්‍රකාශ කළේ.

එහෙත් කොවිඩ් මරණ පහළ මට්ටමක පැවති කාලය තුළදී එක් මිනි පෙට්ටියක් සඳහා අය කරනු ලැබුවේ රුපියල් 6000ත් 8000ත් අතර මුදලකි.

මෙම කොවිඩ් දේහයන් බහාලන සාමාන්‍ය මිනි පෙට්ට් නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන්නේ ඇල්බිශියා(ගිනිසීරියා/වැටමාර) නමැති ලී වර්ගයයි.

පානදුර ප්‍රදේශයේ මෙම මිනි පෙට්ටි නිෂ්පාදනය සිදු කෙරෙන මහාපරිමාණ ආයතනයකින් කළ විමසුමකදී ඔවුන් ප්‍රකාශ කළේ මිනි පෙට්ටියේ ප්‍රමාණය අනුව තීන්ත අලේප කරන ලද එක් සාමාන්‍ය මිනි පෙට්ටියක් රුපියල් දෙදහසේ සිට රුපියල් තුන්දහසක (2000 – 3000) මුදලකට මල්ශාලාවන් වෙත ලබා දෙන බවයි.

රෝහලේ සිට ඇතැම් ආදාහනාගාර වෙත දුර ඇත්තේ කිලෝ මීටර 2කටත් අඩු දුරක් වුවද කොවිඩ් අවදානම් තත්වය හමුවේ සේවකයින් යෙදවීම නිසාත් ,එම මෘත දේහයන් රැගෙන යන වාහන විෂබිජහරණය කිරීම මෙන්ම ඒ සඳහා භාවිතා කෙරෙන ආරක්‍ෂිත ඇඳුම් කට්ටල නිසාත් මෙම මුදල අය කිරීමට සිදුව ඇතැයි එම මල්ශාලා හිමියන් සඳහන් කරයි.

ඇතැම් අවස්ථාවලදී මිළ අධික මිනි පෙට්ටිද මිළදී ගන්නා බවයි මල්ශාලා හිමියන් ප්‍රකාශ කළේ.

මිනි පෙට්ටි මිළ ඉහළ යාම සම්බන්ධයෙන් කළ විමසුමකදී පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේ ඕනෑම භාණ්ඩයක මිළ පාලනය කිරීමට රජයක් ලෙස මැදිහත් වීමට අවකාශ තිබුණත් මිනි පෙට්ටි මිළ ඉහළ දැමීම සම්බන්ධයෙන් මැදිහත්විය විය නොහැකි බවයි.

එහෙත් මේ අවදානම් තත්වය හමුවේ ඉතාමත් වැදගත් කාර්ය භාරයක් සිදු කරන එම මල්ශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ මානුෂිය හේතුන් මත සලකා බලා කොවිඩ් මරණ සඳහා ලබා දෙන මිනි පෙට්ටි සාධාරණ මිළකට ලබා දීමට කටයුතු කරන ලෙසයි.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඩී.එම්. ශාන්ත දිසානායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කළේ ඒ සඳහා මැදිහත්වීමට තම අධිකාරියට නොහැකි බවත් එම මල්ශාලා හිමියන්ගෙන් ඉල්ලීමක් පමණක් සිදු කිරීමට හැකියාවක් පවතින බවයි.

එහෙත් කොවිඩ් මෘත දේහයන් ආදාහනය සඳහා පළාත් පාලන ආයතනවලට අයත් කිසිදු ආදාහනාගාරයක් මුදල් අයකිරීමක් සිදු නොකරයි.

(ඉන්දික ශ්‍රී අරවින්ද)

Related posts

කැළණි ඟග පිටාර ගැලීම ඇරඹෙයි.. හැකි ඉක්මනින් ඉවත්වන්න

colombotoday

හාල්මැස්සන්, කරවල ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්

colombotoday

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තිරිගු පිටි මිළත් ඉහළට…

colombotoday

දැවැන්ත ජනතා බලවේගය කින් පරගැති දක්ෂිණාංශික බලවේග සුන්නද්දූලි කළා – වාසුදේව නානායක්කාර

colombotoday

අවුරුදු 04ක් තිස්සේ දෙන්ඩ තියන වද ඔක්කොම දුන්නා – හිටපු ජනපති මෛත්‍රීගෙන් ප්‍රකාශයක්

Admin

උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ වෙනසක්

colombotoday