Colombo Today Local News

තිලීපන් සැමරුම් තහනම් කරමින් ත්‍රිකුණාමලය අධිකරණයෙන් නියෝගයක්

තිලීපන් සැමරුම් උත්සවය තහනම් කරමින් ත්‍රිකුණාමලය අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

ත්‍රිකුණාමලය වරාය පොලීසිය අධිකරණය වෙත කළ දැනුම්දීමකට අනුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

අදාළ නියෝගයේ දැක්වෙන්නේ අද (26)දින ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ කූල කොට්ටන් ශාලාව, ගාන්ධි වටරවුම හා ත්‍රිකුණාමලය පොලිස් වසම තුළ තිලීපන් සැමරුම් උත්සවයක්, උද්ඝෝෂණයක්, පෙළපාළියක් හෝ විරෝධතාවයක් නොකරන ලෙසයි.

ත්‍රිකුණාමලය දෙමළ සංසදයේ සභාපති ආර් එෆ් ජෙරම්, ත්‍රිකුණාමලය දෙමළ ජාතික සංසදයේ කමිටු සාමාජික රමේෂ් නිකලස්, මුතූර් ආබාධිත සංසදයේ සභාපති සුහිර්ද ප්‍රියා, ත්‍රිකුණාමලය ජනතා පෙරමුණේ තරුණ සංගමයේ සභාපති ක්‍රිෂ්ණ පිල්ලේ ශ්‍රී ප්‍රසාත්, මුතූර් මහවිරු කමිටුවේ සභාපති කන්දයියා කාන්දීපන් නොහොත් පම්පරසන්, කාර්තික් කල්කිරියන් හා ඔවුන් විසින් පෙනී සිටින නියෝජිතයින් වෙත මෙලෙස අධිකරණ ආඥාවක් නිකුත් කර තිබේ.

Related posts

ව්‍යවස්ථා සංශෝධනයේ සැබැ අරමුණ : ‍රටේ ඒකීයභාවය සහ සම්බුදු සසුන පාවාදීමද?

colombotoday

බැදුම්කරය නොදෙවෙනි වංචාවක් සිදුකළ සමාගමකට SAITM දෙන්න යයි

colombotoday

නීති විරෝධීව ආ ඔක්සිමීටර් 4200ක් කටුනායකදී අල්ලයි

colombotoday

“චෞර රැජින“ ට චතුර තොරතුරු දුන් හැටි වික්ටර් අයිවන් සහසුද්දෙන්ම කියයි (VOICE)

colombotoday

ඩොලරය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

colombotoday

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

colombotoday